Saturday, February 1, 2020

නොරිකෝ සං මං නුබේම දෙවෙන්දොරා සං - කරුණාරත්න දිවුල්ගනේ


මහාචාර්ය එදිරිවීර සරස්චන්ද්‍රයන් විසින් රචිත අපූරු කෘති දෙකක් වන 
"මළගිය ඇත්තෝ" හා "මළවුන්ගේ අවුරුදු දා" යන කෘති දෙක පරිශීලනය කර ඇති අය සඳහා මෙය ලිවීමට සිතුවෙමි. (* මෙය ලිවීමට සිතුණේ Lakmal Ranga Kumara විසින් ලියු අදහසක් කියවූ පසුයි.
.
ඉහත කෘතියෙහි සඳහන් "නොරිකෝ සං" ගේ හා "දෙවෙන්දුරා සං" ගේ 
දුක්බර ආදර කතා වස්තුව පාදක කරගෙන අපූරු නිර්මාණයක් සුනිල් ආර්. ගමගේ ගී පද රචකයා විසින් ඉදිරිපත් කර තිබෙනවා. මම මෙම ගීතය මුල් වරට ඇහුවේ මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා පොත් දෙක කියවපු අළුතමයි... ඒ නිසා මට හොඳටම දැනුණු හා එම සංවේදීකම නිසා ඇඩුනු ගීතයක්..... අදත් මෙම ගීතයේ රසය නැවත මතක්වුණු බැවින් ගීතය ඔබ හා බෙදා ගන්නට සිතුවෙමි. ගීතයේ පදවැල් පහත ආකාරයට සුනිල් ආර්. ගමගේ ශුරීන් විසින් රචනාකොට ඇත.
.



නොරිකෝ සං
මං නුබේම දෙවෙන්දුරා සං
ඉක්මනින්ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා....
නොවැරදීම නුඹ බලන්න මං එනවාමයි...
.
හැම සුබකි මලක් ගානෙම
ආදරේ ලියා එව්වද ?
එකම එක මලක පමණක්
පෙති යට සැඟවුණු රහසක්
මාත් එක්ක හිත පතුලේ ඉකිබිඳ වැළපෙයි.....
.
හැම කඹුකි රැගුම් හලකම
ආදරේ දුකම දැනුනද ?
එකම එක මලක පමණක්
විඳින්න බැරිවුණ සුවඳක්
මගේ හිතට නුඹ දකින්න හෙමිහිට කොඳුරයි....
.
ගීතය රස විදීමට අවශ්‍යනම් ඒ සඳහා ඔබට පහත යොමුවට යාමට සිදුවෙයි.
(මෙම අපූරු ගීතය සඳහා සංගීත සංයෝජනය රෝහණ වීරසිංහයන් විසින් 

සිදුකර ඇති අතර එය ජපන් සංගීතයේ කිසියම් අභාශයක්ද ඇතුව ඉදිරිපත් 

කර ඇති නිසා මෙය වඩාත් හොඳින් අපට දැනේ..... එමෙන්ම මෙම 
ගායනය මාධුර්ය හඬක් ඇති කරුණාරත්න දිවුල්ගනේ විසිනි....)





No comments:

Post a Comment

Translate