කූඹි උන්‍ගේ ශරීරයට වඩා කිහිප ගුණයක්ම බර දේවල් උසුලාගෙන යන ආකාරය ගැන ඉංජිනේරැවන් පුදුම වෙනවා.කූඹින්ගේ ශරීරයේ සැකැස්ම,ශරීර ලක්ෂණ සහ අවයව ක්‍රියාත්මක වන විදිහ ගැන ඹහයෝ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරැවන් පිරිසක් පර්යේෂණ කළා.එක්ස් කිරණ ආධාරයෙන් (Micro CT Scan)කූඹියාගේ ශරීරයට හැම අතින්ම සමාන පරිගණක රෑපයක් ඔවුන් නිර්මාණය කළා.කූඹියෙක් යම් දෙයක් උස්සද්දී උගේ ශරීරය ඒ සදහා කෙතරම් ශක්තියක් යොදනවාද කියලා තේරැම් ගන්න ඒ රෑපය උදව් වූණා.
කූඹියා කටින් උස්සන දේවල් වල සම්පූර්ණ බර වැටෙන්නේ උගේ බෙල්ලට නිසා බෙල්ල උගේ ශරීරයේ හුගක් වැදගත් කොටසක්.බෙල්‍ලේ සියුම් පටක ගනකම් පිටත පෘෂ්ඨයක් සහිත උගේ ශරීරයටයි ඔඵවටයි තදින්ම සම්බන්ධ වෙලා තියෙනවා.ඒක හරියට අපි අත් දෙකේ ඇගිලි එකිනෙක අතරින් යවලා තදින් අල්ලගෙන ඉන්නවා වගෙයි.ඒ ගැන පර්යේෂකයෙක් මෙසේ ප්‍රකාශ කළා.කූඹින්ගේ බෙල්ල සකස් වෙලා තියෙන්නේ අරැම පුදුම විදිහට.උන්‍ගේ බෙල්ලට එතරම් ලොකු ශක්තියක් ලැබිලා තියෙන්නේ ගනකම් පිටත පෘෂ්ඨය සහ බෙල්‍ලේ සියුම් පටක හොදින් සම්බන්ධ වෙලා තියෙන නිසා වෙන්න ඕනේ.ශරිරයට වඩා ලොකු බරක් උස්සන්න තරම් ශක්තියක් උන්ට ලැබෙන්න ප්‍රධානතම හේතුවත් එය විය හැකියි.කූඹින්‍ගේ බෙල්ල ක්‍රියාත්මක වන විදිහ ගැන හොදින් තේරැම්ගත්තොත් අනාගතයේදී තවත් ප්‍රයෝජනවත් විදිහට රොබෝ යන්ත්‍ර හදන්න ඒක උදව් වෙයි කියලා පර්යේෂකයින් සිතනවා.
Watch Ant Video
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා
No comments:
Post a Comment