ආහාර ජලය සහ වාසස්ථාන මිනිසුන්ගේ මූලික අවහ්‍යතා බව අප ඉගෙන ගෙන තිබේ නමුත් කාලය විසින් සිදුකල තාක්ෂණික පරිනාමය හේතුවෙන් මිනිසුන්ගේ මුලීක අවශ්‍යතා ලැයිස්තුව තව තවත් දිග්ගැස්සෙමින් තිබේ. මේ වන විට එයට ස්මාර්ට් දුරකථන වයි ෆයි සබඳතා පවා එක් වී තිබේ. කෑම බීම නැතිව සිටියත් අන්තර්ජාලය රහිතව ගෙවන දවසක් යනු නපුරැ හීනයක් තරමට අමිහිරිය. පරිගණක, ලැප්ටොප්, ජංගම දුරකථන සහ අනිකුත් අධි තාක්ෂණික උපකරණ සමබන්ධ කරන රැහැන් රහිත අන්තර්ජාල කෙටි යෙදුම wi-fi ලෙස හදුන්වයි. බොහෝ දෙනා අතර ජනප්‍රිය මෙම ජාලය ගම නගරය යන සෑම තැනකම පාහේ ලබා ගත හැකිය. ජංගම දුරකථන අයිතිකරුවන් සෞඛ්‍ය ගැටලූ වළක්වා ගනිමින් wi-fi හාවිතයට මග පෙන්වා ඇත.
Wi-Fi තරංග අප සිරැරට හානිකරද ?
අන්තර් ජාලයේ සැරිසැරීම සඳහා නූතන පුද්ගලයන් රැහැන් රහිත ටැබ්ලට්, ස්මාට් ෆෝන් වැනි උපකරණ නිවසේ හෝ කාරයාලයේ අනතර්ජාල රව්ටරය හා සම්බන්ධ කරයි. මෙලෙස රව්ටරයෙන් නිරන්තරයෙන්ම නිකුත් කරන සංඥා අපගේ සෞඛ්‍යයට අයහපත් ලෙස බලපාන බව පැවසේ. මෙම සංඥ විද්‍යුත් චුම්භක තරංග වේ. මිනිසුන් මේ පිළිබඳව කරදර නොවන්නේ සුලූ පිරිසක් මෙම තර්ජනය පිළිබඳව දැනුවත්ව සිටින හෙයිනි… පසු කාලීනව මෙම WLAN සංඥ ගැටලූ බවට පත් වේ… විශේෂඥයන් විද්‍යාවට අනුව පෙන්වා දී තිබෙන්නේ රෞටරය ශාක හා මිනිසුන්ගේ වර්ධනය හා සුවවීමේ ගුණයට බාදා / අවහිර කරන බවය.
Wi – Fi වලට නිරාවරණය අපි කුමක් බලාපොරොත්තු විය යුතු ද ?
කන් කැක්කුම, බොහෝ කල් පවතින වෙහෙස, තදබල හිසේ කැක්කුම, යමකට යොමු වීමේ නොහැකියාව,නින්ද යෑමේ ගැටලූ නුතනයේ බොහෝ මිනිසුන්ට තාක්ෂණය නොමැතිව ජීවත් වීමට හා වැඩ කිරීමට නොහැකි වීම අප කවුරුත් දන්නා පැහැදිලි සත්‍යකි. එමෙන් ම අපගේ සෞඛ්‍යයට මුල් තැන දියුතු බව ද සැබෑවකි… ඒ නිසාම wi-fi ජාලයෙන් ලැබෙන අයහපත් ප්‍රතිඵල වලින් අපගේ ශරීරය ආරක්ෂා කර ගැනීමට මගක් සොයා ගත යුතුමය…
පහත දැක්වෙන්නේ රෞටරය නිසි ලෙස භාවිතා කිරීම හා මෙම ජාලය භාවිතයෙන් ඇති විය හැකි අවදානම අඩුකර ගැනීම සදහා කළ හැකි දේවල්වල ඉතා කෙටි ලැයිස්තුවකි.
*දරුවන් සහ අප අනතුරු සහිත විද්‍යුත් චුම්භක තරංග වලින් ආරක්ෂා වන්නේ කෙසේ ද?
*නිතරම wi-fi සබදතාව සම්බන්ධ කර තබන්න එපා… අවශ්‍ය විට පමණක් සම්බන්ධ කර ගන්න.
*නින්දට යෑමට පෙර wi-fi ක්‍රියා විරහිත කරන්න.
*රැහැන් රහිත දුරකථන වෙනුවට රැහැන් සහිත දුරකථන භාවිතා කරන්න.
*මුලූතැන්ගේ හෝ නිදන කාමරයේ රෞටරය නොතබන්න
No comments:
Post a Comment