ලොව ප්‍රථම අන්තර්ජාතික රොබෝ සටනට මාස කිහිපයක් තිබියදි ඇමරිකානු කණ්ඩායම ඔවුන්ගේ තුරුම්පුව ඉදිරිපත් කොට තිබෙනවා.එව මෙගාබෝට්ස් (MegaBots) Mk.III ලෙස නම්කොට
තිබෙනවා.මෙම සුවිසල් රොබෝ මේකර් ෆෙයරේ බොක්ක තුල සටන් බිමට පිවිස ඇති අතර එහිදි එයට ටොයොටා ප්රියුසස් රථ දෙකක් බිම හෙලීමට හැකියාව ලැබී තිබේ.
අන්තර්ජාතික රොබෝ සටන් තරගාවලිය ජපානයේ කුරාටාස්හි තව මාස තුනකින් පැවතිමට නියමිතව තිබේ.ඇමරිකාවේ මෙගාබෝට්ස් MK.III මේ සටන වෙනුවෙන් එලි දක්වා තිබුනද ජපානයෙන් තවම සුවිශේෂි සටන් රොබෝ කෙනෙකු ඉදිරිපත් නොවී තිබීමද විශේෂත්වයකි. මෙම තරගය සදහා තම රොබෝ පිලිබදව ප්‍රචාරණයක් ලබා දීමට අමතරව තරගාවලිය සදහා හොද තරගකාරී රොබෝවරුන් ගෙන්වා ගැනීමටද මෙගාබෝට් කණ්ඩායම අපේක්ෂා කරයි.
අඩි 16ක්(මීටර් 4.9) උසැති සද්ධන්ත මොගාබෝට්ස් MK.III රොබෝ සටන්කාමීයාගේ දකුණු උරහිසේ රාජාලියෙකු දැකගත හැකිය.එක් ප්‍රහාරක අතක සුවිසල් පේන්බෝල් සහිතය.මේ මගින් මෝටර් රථයක් වුවද පහසුවෙන් බිද හෙලිමේ හැකියාව ඇත. ටොන් 12ක බරින් යුතු මෙම දැවැන්තයා ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක(රු.මිලියන 400ක) වටිනාකමින් යුත්තය.පුද්ගලයන් දෙදෙනෙකු මගින් මෙය පාලනය වෙයි.එක් අයෙකු පැදවීම සදහාද අනෙක් කෙනා පියාසර කොටස් පාලනයේද නිරතව සිටියි.මෙහි ද්‍රව මගින් පාලනය වන කොටස්ද ඇති අතර ලීටර් 6.2 අශ්ව බල 430 කෝර්වේට් LS3 V8 එංජිමක් මගින් බලය සැපයෙයි. මෙය හදුන්වා දීමේදි ප්‍රියුස් මෝටර් රථ දෙකක් විනාශ කල අතර ඔහුගේ එක් අත් පහරකින් මෝටර් රථයක් සුනු විසුනු කරවිය. තවදුරටත් වැරෙන් එල්ල කල පහරවල් මෝටර් රථයේ ලෝහ තැලී පොඩි කරලමින් විනාශ විය.මෙය ඇමරිකානුවන්ගේ ඔල්වරසන් හඩ මධ්‍යයේ සිදුවීමද විශේෂත්වයකි. මෙම ඇමරිකානු රොබෝ සටන්කාමීයාගේ ආගමනයත් සමග නුදුරේදීම ආරම්භ කිරිමට නියමිත රොබෝ තරගාවලියට හොද ප්‍රවේශයක් ලැබෙනු ඇති අතර හොද සටනක් බලා ගැනීමටද ප්‍රේක්ෂකයන්ට හැකිවනු ඇත.
No comments:
Post a Comment