Friday, July 28, 2017

පරිගණක වයිරස ඇතිදැයි දැනගැනීම‍ට නොමිලයේ ගොනුවක් පිරික්සන්න.

ඔබේ පරිගණකයේ ඇතැම්විට පරිගණක වයිරස ආරක්ෂකයක් යොදා ඇත.නූතන වින්ඩෝස් වෙථමක් භාවිතා කරනවා නම් අවම වශයෙන් ඒ සමග පැමිණෙන වයිරස ආරක්ෂණය යොදවා ඇත.වින්ඩෝස් බහුතරය අතර උබුන්ටු වැනි ලිනක්ස් වෙලුමක් භාවිතා කරනවා නම් වයිරස සදහා 
ඇති අවදානම ඔබට මදක් හෝ අඩු වනු ඇත.ඉතින් මේ කුමක් වූවත්, ඔබ පරිගණකයේ ඇති වයිරස් ආරක්ෂකය ලොව ඇති සෑම වයිරසයකටම ඔරොත්තු දෙන්නේ නැත.එසේ කියා, වයිරස් ආරක්ෂක සියයක් පමණ පරිගණකායේ ස්ථාපනය කර ගැනීමට නොහැක.එසේ ක්‍රියා කිරීමෙන් 
පරිගණකයේ වේගය අඩාල විය හැක.තවත් කාරණයක් නම් අලුතින් බිහි වන පරිණක වයිරස සදහා ආරක්ෂාවක් ලබා ගැනිමට නම්,අප පරිගණකයේ ඇති Virus Guard යාවත්කාලීන කර ගත 
යුතුය.මෙසේ නොවූවොත් ඔබට ආරක්ෂාව නොලැබී යනු ඇත.

මේ ප්‍රශ්න සියල්ලටම විසදුම වන්නේ
https://jotti.org වෙබ් අඩවියයි.මේ වෙබ් අඩවිය හරහා ඔබට යම් ගොනුවක් උඩුගත කර ලොව ප්‍රකට වයිරස් ආරක්ෂණ විස්සකට අධික ප්‍රමාණයකින් එකවර පරික්ෂා කරවාගන්නට පුලුවන.ඔබ පරිගණකයේ ඇති අන්තර්ජාල වේගය හා පරිගණකයේ වේගය අනුව මෙන් ම, ගොනුවේ විශාලත්වය අනුව මෙය Upload වීමට යන කාලය තීරණය වේ.මේ අනුව අප විශාල ගොනු උඩුගත කළ හොත් මෙම ක්‍රියාවලිය සදහා යන කාලය ඉහළය.කෙසේ නමුත් මේ හරහා ගොනු ඕනෑම තරමක් නොමිලේ පරික්ෂා කර ගත හැකිය.




වයිරස් ආරක්ෂණ(Virus Guard)නොමිලයේ පහතින් Download කර ගන්න.





  • Avast 2017 Antivirus Guard -  Download





No comments:

Post a Comment

Translate