ජාත්‍යන්තර මෝටර් රථ ධාවකයකුගේ අත්දැකීම පරිගණක ක්‍රීඩකයාට ලබා ගත හැකි ආකාරයට නිමවා ඇති ඩර්ටි පරිගණක ක්‍රීඩා මාලාවේ අලුත්ම අංගය ඩර්ට් 4 ය.මෙම ක්‍රීඩාවේ දී පරිගණක ක්‍රීඩකයාට මෝටර් රථ ධාවකයෙකු ලෙස ක්‍රීඩා කළ හැක.
ක්‍රීඩා විලාසය .....
ඩර්ටි පරිගණක ක්‍රීඩාවෙන් සපයා ඇති මෝටර් රථ ධාවන තරගවල යෙදීමට කලින් ඉන් සපයන “ මෝටර් රථ ධාවන පුහුණු පාසලට“ සම්බන්ධ වී දැනුම සහ පුහුණුව ලබා ගත යුතුය.ධාවන තරග නීති රීති,ධාවන තරගවල දී අනුගමනය කළ යුතු තාක්ෂණික උපායන් යනාදී දැනුම මෙහිදී ලබා ගත හැක.ඒ අනුව පැවත්වෙන පරීක්ෂණ වලින් සමත් වී මෝටර් රථ තරගවලට සහභාගී විය හැකි බලපත්‍රයක් ලබා ගත යුතුය.
මෙහි සකස් කරන ලද ධාවන පථ සහ
විවිධ කාලගුණය සහ පාරිසරික තත්ව යටතේ ක්‍රියාත්මක වෙන ඕප්රෝඩ් යන ක්‍රම දෙක යටතේම තරග ඇතුළත් වේ.ඕප්රෝඩ් ධාවන තරග කැලෑබද ප්‍රදේශ ,කදු අශ්‍රිත සහ කාන්තාර ආදී ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.1980,1990,2000 සහ 2010 යනාදී ලෙස මෝටර් නිෂ්පාදිත කාල වකවානුව අනුවද මෙහි තරග කාණ්ඩ වෙන් කර තිබේ, ඒ අනුවද පරිගණක ක්‍රීඩකයාට තමන් කැමති කාණ්ඩයක් යටතේ තරග කළ හැක.කාර්,ජීප්,ට්‍රක් ආදී මෝටර් රථ වර්ග 50 කට ආසන්න ප්‍රමාණයක් මෙම ක්‍රීඩාවට එක් කර තිබේ.
මුලින්ම ප්‍රාථමික මට්ටමේ මෝටර් රථ ධාවන තරගවල සහභාගී විය යුතුය.එහිදී ක්‍රීඩකයා ලබා ගන්නා ලකුණු සහ දක්වන දක්ෂතා අනුව ක්‍රමයෙන් ඉහළම මට්ටමේ තරගවලට සහභාගී වීමට ඉඩ දෙයි.එහිදී අනතුරැ අඩු කර ගනිමින් තරග නීති රීති වලට සහ කොන්දේසි වලට අනුකූලව සහ විනයානුකූලව තරගවල යෙදිය යුතුය.
තරගවලට සහභාගීවීමට මෝටර් රථය මෙන්ම තම කණ්ඩායම තෝරා ගැනීමට ක්‍රීඩකයාට හැකිය.මෙම කණ්ඩායමට සහයකයෙක් රියදුරෙක් ,කාර්මිකයින් ,තාක්ෂණඥයින් ,කළමණාකාර වරයෙකු මෙන්ම තරග අනුග්‍රාහකයින් ද තෝරා ගත හැකිය.
මෙසේ තරග කර පෙන්වන දක්ෂතා මත අනුග්‍රාහකයින්ගේ උපකාරයද මත අනුග්‍රාහකයින්ගේ උපකාරයද ලබා අලුත් මෝටර් රථ මිලදී ගැනීම මෙන්ම තමන් භාවිතා කළ මෝටර් රථ විකුණා
දැමීමත් කළ හැක.ඉන් ලබා ගත් දිනුම් සහ පැරදුම් මත වාහනයේ මිල තක්සේරැව ලැබෙයි.
ක්‍රීඩා නිර්මාණය....
ඩර්ටි පරිගණක ක්‍රීඩාව නිර්මාණය කළ නිර්මාණ ශිල්පීන් විසින් සැබෑ ලෙසම ක්‍රීඩාවේ යෙදෙන මෝටර් රථ ධාවකයින්,සැබෑම සංවිධායකයින් යනාදී ඊට සම්බන්ධ ප්‍රවීනයන්ගේ උපදෙස් සහ මග පෙන්වීම මත මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීමට කටයුතු කර තිබේ.මෙහි ඉදිරිපත් කර තිබෙන මෝටර් රථ සියල්ලක්ම පාහේ නිමවා ඇත්තේ,සැබෑ ඒවායේ තිබෙන ගති ලක්ෂණ සියල්ලම එලෙසින්ම ප්‍රතිනිර්මාණය කරමිනි.එසේ ම තරග ධාවන පථද සැබෑ ලෙසම ඒවා අනුකරණය කර ත්‍රිමාන ග්‍රැපික් සංයෝගයෙන් නිමවා ඇත.
මෙම ක්‍රීඩාවේ සජීවීකරණය කර ඇත්තේ මෝටර් රථ ධාවන තරගවලට ගැළපෙන වේගය හොදින් පෙනෙන සහ දැනෙන විදිහටය.විවිධ කාලගුණික ස්වාභාවයන් මෙන්ම තරගවලදී ප්‍රේක්ෂකයින් ඔල්වරසන් දෙන හඩ පවා හොදින් ඇසෙන සේ ක්‍රීඩාව නිමවා තිබේ.
(....ඩර්ටි පරිගණක ක්‍රීඩාවේ ස්වාභාවය පෙන්වන වීඩියෝ සහ තවත් විස්තර www.dirtgame.com/us/home යන වෙබ් අඩවියට පිවිස දැක ගත හැක....)
ඩර්ටි පරිගණ ක්‍රීඩාව භාගත කර ගන්න..... Download (Buy Now)
(Free Download Dirt4 Computer Game Crack Version )
No comments:
Post a Comment