Thursday, July 6, 2017

එස්සීඑස්අයි (SCSI)පෝට් භාවිතා කෙරෙන්නේ කුමන පරිගණක වලද?




එක් එස්සීඑස්අයි බස් එකක් සදහා හාඩ් ඩිසික් හෝ සීඩී,ඩීවීඩී රොම් වැනි උපකරණ 8ක් හෝ 16 ක් හෝ දක්වා ගණනක් සම්බන්ධ කළ හැක.එස්සීඑස්අයි බස් දත්ත හුවමාරැවට භාවිතා කරන්නේ සමාන්තර හෙවත් පැරලල් (Parallel) ක්‍රමයයි.පසුව හදුන්වා දුන් ශ්‍රේණිගත හෙවත් සීරියල් (Serial) එස්සීඑස්අයි තාක්ෂණය හදුන්වන්නේ එස්ඒඑස් (SAS-Serial attached SCSI) යන නමිනි.
මුල් වරට එස්ඒඑස් තාක්ෂණය හදුන්වා දෙන විට එහි දත්ත හුවමාරැ වේගය 3Gbit/s  විය.දැන් එහි දත්ත හුවමාරැ කිරීමේ වේගය 12.0Gbit/s  දක්වා වැඩිකර තිබේ. සාමාන්‍ය පරිගණකයකට එස්සීඑස්අයි හාඩ් ඩිස්ක් ප්‍රයෝජනවත් නොවන නිසා ඒවා සෑම මදර්බෝඩ් එකක් සදහාම එක්කර නැත.එහෙත් විශේෂ අවශ්‍යතාවයක් මතු වුවහොත් එවිට එස්සීඑස්අයි කාඩ් එකක් සාමාන්‍ය පරිගණකයට සම්බන්ධ කර ගන්නට පුථවන.    

No comments:

Post a Comment

Translate