Friday, June 30, 2017

ඩිජිටල් ඉබි යතුරු(USB Drive-Encrypt)


Flash Drive,Memory Card වැනි පරිගණකයේ යූඑස්බි පෝට් හරහා සම්බන්ධ කර දත්ත රදවා තබා ගන්නට යොදා ගන්නා රිමූවබල් ස්ටෝරේජ් ඩිවයිස් (Removable Storage Device ) හෙවත් යූඑස්බී ඩ්‍රයිව්වල ඇති දත්ත අන් අයට ලබා ගැනීමට නොහැකි වන සේ ආරක්ෂා කර තැබීම,ඩේටා එන්ක්‍රිප්ට් නිර්මාණය කිරිම ලෙස හදුන්වයි.

මෙසේ ඩේටා එන්ක්‍රිප්ට් කිරීම පිණිස විශේෂයෙන් සැකසූ පරිගනක වැඩසටහන් යොදා ගත යුතුය.ගිලිසොප්ට් යූඑස්බී (Gilisoft Usb) යනු එවැනි හොද මට්ටමේ ඩේටා එන්ක්‍රිප්ෂන් වැඩ සටහනකි.වාණිජ වැඩසටහනක් වන මෙහි
අත්හදා බැලීමේ සංස්කරණයක් bit.ly/2rcUGzz යන කෙටි කළ වෙබ් ලිපිනය වෙබ් බ්‍රව්සරයේ සර්ච් බොක්ස් එකෙහි ලියා සර්ච් කළ විට යොමු කරන වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකිය. 
විශේෂයෙන් :- 
                     ගිලිසොප්ට් යූඑස්බී සෙටිංග්ස් ඉවත් කිරීම පිළිබදව (මෙය යෙදීමට  හේතුව වනුයේ, අප සාමාජිකයන් මෙම මෘදුකාංගයේ සෙටිංග්ස්  ඉවත් කිරීම ගැන සැක පහළ කර ගැනීමයි එම නිසා අප මෙම මෘදුකාංගයෙන් යූඑස්බී උපාංගයේ මුරපදය ඉවත් කර ගන්නා ආකාරය පිළිබදව සදහන් කිරිමක්කර ඇත.)

යූඑස්බී ඩ්‍රයිව් එකෙහි එන්ක්‍රිප්ට් කළ කොටස ඉවත් කළ යුත්තේ නම්,ගිලිසොප්ට් ඇප්ලිකේෂන් වින්ඩෝ එකට පිවිස එහි ඇති Uninstall බට්න් එක ක්ලික් කළ යුතුය.මෙවිට Enter Password නම් බොක්ස් එක විවෘත වෙයි.කලින් ලබා දී පාස්වර්ඩ් එක ඒ තුළ ටයිප් කර ok බට්න් එක මත ක්ලික් කළ විට යුඑස්බී ඩ්‍රයිව් එක තුළ ඇති එන්ක්‍රිප්ෂන් සෙටිංග්ස් ඉවත් වෙයි.ඒ සමගම ආරක්ෂිතව තැබූ පයිල් සියල්ල  ඒ හැටියේ ම සාමාන්‍ය යූඑස්බී ඩ්‍රයිව් එකෙහි තිබෙයි.    

Download USB Data Encrypt Software :-  Downlaod 

No comments:

Post a Comment

Translate