Saturday, July 15, 2017

අතේ ගෙනයාහැකි චන්ද්‍රිකා - Cubesat


චන්ද්‍රිකාවක් කියව්වාම අපිට මතක් වෙන්නේ, දැවැන්ත රොකට්ටුවකින් අහසට යන විශාල සූර්ය පැනල සහිත වස්තුවක් නොවැ. නමුත් අද වන විට චන්ද්‍රිකාවත් වෙනස් වෙලා. ඇගිලි තුඩු අගට ලෝකයම විතැන් වුන යුගයක, චන්ද්‍රිකාවත් අතේ ගෙනයන ප්‍රමාණයටම කුඩා වෙලා.කියුබ්සැට් (Cubesats) යනු ස්මෝල්සැට් ගණයේ කුඩා ගණාකාර හැඩයක් ගන්නා චන්ද්‍රිකා වේ.  සම්මත කියුබ්සැට් චන්ද්‍රිකාවක් 10 x 10 x 10 cm ප්‍රමාණයේ  ඝනකයට සමාන වේ.  මෙම සම්මත ප්‍රමාණය U1 ලෙසද හදුන්වනවා.තවද


කියුබ්සැට් චන්ද්‍රිකාවක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 1.33 හෝ ඊට අඩු අගයක් ගනි.

පෘතුවිය නිරතුරුව වෙනස් වෙනවා.  හිරු වටා ගමන් කරන විට පිහිටිම ද වෙනස් වෙනවා. සූර්ය කුනාටු වල බලපෑම සිදුවෙනවා. කාලගුණ දේශගුණ වෙනස්කම් සිදුවෙනවා.  පෘතුවියේ තිබෙන තාක්ෂණයද නිරතුරුව වෙනස් වෙනවා. යුද්ද ඇතිවෙනවා. සාමය ඇතිවෙනවා. ආයි යුද්ධ ඇතිවෙනවා. මිනිස්සු හැමදාම හැමදෙයක්ම වෙනස් කරනවා.


සන්නිවේදනයට, ගමනාගමනයට, කාලගුණ මිනුම් ලබාගැනිමට වැනි වැඩකටයුතු රාශීයකට චන්ද්‍රිකා භාවිතා කරනවා. නමුත් හැම රටකටම චන්ද්‍රිකාවක් උඩ යවාගන්න අමාරුයි. සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක් විශාලයි. කිලෝගනන් බරයි.  අහසට උසට වියදම්. චන්ද්‍රිකාව හදන්න හා හසුරවන්න ඉහල තාක්ෂණයක් අවශ්‍යයි.  එක රොකට්ටුවකින් එක චන්ද්‍රිකාවයි යවාගන්න පුලුවන්.  මේ සංකල්පයයි ලොව පුරා මෙතෙක් පැවතුනේ.
මෙච්චර තාක්ෂණික විප්ලව සිදුවන ලෝකයකට මීට වඩා සරල පහසු චන්ද්‍රිකා  අවශයයි නේද?

1999 දී පමණ ඇමරිකානු විශ්ව විද්‍යාල කිහිපයක් එක්ව ලොව පලමු කෘත්‍රිම චන්ද්‍රිකාව වන රැසියාවේ ස්පුට්නික් චන්ද්‍රිකාවට වඩා කුඩා චන්ද්‍රිකාවක් නිපදවීමට පරික්ෂණ පවත්වනවා. එම පරික්ෂණ වල ප්‍රතිපලයක් ලෙස කියුබ්සැට් කරලියට එනවා.



කියුබ්සැට් ප්‍රමාණයෙන් කුඩා වීම නිසා එහි නිෂ්පාදන වියදම ද ඉතා අඩුයි. එමෙන්ම එහි බොහෝ කොටස් 3D මුද්‍රණය මගින් නිෂ්පාදනය කිරිමට හැකිවිමටද විශේෂත්වයක්. 

එක් රොකට්ටුවකින් එක් චන්ද්‍රිකාවක් කතාව දැන් ඉවරයි. දැන් එක් රොකට්ටුවකින් කියුබ්සැට් කිහිපයක්ම ගුවන්ගත කරන්න පුලුවන්. ඉන්දියාව මීට ටික කලකට පෙර එක් රොකට්ටුවකින් චන්ද්‍රිකා 100ක් ගුවන්ගත කිරිමට සමත් වුනා.
කියුබ්සැට් චන්ද්‍රිකා නිෂ්පාදනය කරන්නේ යම් කිසි විශේෂ කාර්යයක් සිදුකිරිම සදහායි. මේ නිසා ගුවනේදි උපරිම ක්‍රියාකාරිත්වය ලබාගත හැකියි. අනෙකුත් චන්ද්‍රිකා  මෙන්ම  කියුබ්සැට් ද තම ශක්ති අවශ්‍යතා සපුරාගන්නේ සූර්යපැනල භාවිතා කිරිමෙනි.
කියුබ්සැට් වියදම අඩු වීම නිසා, ව්‍යපාරික සමාගම් ද තම අවශ්‍යතා මත චන්ද්‍රිකා ගුවන්ගත කිරිමට පෙලැබෙමින් පවති. මෙය ඉතා හොද නැබුරුතාවකි. 

නාසා ආයතනය ඔවුන්ගේ පලමු කියුබ්සැට් 2006 වසරේදි ගුවන්ගත කරන ලදි.අද වන විට සිය ගනනක් වූ කියුබ්සැට් චන්ද්‍රිකා ඉහල අහසේ ස්ථාපිත කර ඇත. 

දැනට සැලසුම් කර ඇති පරිදි, කියුබ්සැට් චන්ද්‍රිකා අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සදහාද භාවිතා කිරිමට නියමිතයි. අගහරු ගවේෂණ කියුබ්සැට් ව්‍යාපෘතිය වන Marco නොබෝදිනකින් දියත්වනු ඇත. පෙරදි මෙන් එක් විශාල චන්ද්‍රිකාවක් යැවිම වෙනුවට අගහරු වෙත කියුබ්සැට් ප්‍රමාණයේ චන්ද්‍රිකා කිහිපයක් එකවර දියත්වනු ඇත. එමගින් වැඩි වපසරියක් ආවරණය කිරිමට බලාපොරොත්තු වේ.

No comments:

Post a Comment

Translate