Monday, July 31, 2017

සබැදිව ලිපි ගොනු ලියන්න.

අගනා සේවාවන් රැසක් ගෙනෙන ගූගල් හී තවත් කැපී පෙනෙන සේවාවකි ගූගල් ඩොක්ස්.එදිනෙදා ගොනුවක් සංස්කරණය කිරීමට පරිගණකයේ ස්ථාපිත මයික්‍රොසොප්ට් වෙථමක් හෝ මිලදී ගත් ලිබ්‍රේ ඔපිස් හෝ ඔරකල් මෙන්ම ඕපන් ඔපිස් රයිටර්,ඇපල් ඉන්ක් වැනි නොමිලේ හෝ මුදල් ගෙවා ලබා ගත යුතු මෘදුකාංගයක් ඔබ භාවිතා කරනවා විය හැක.ඒත් ඔබට ඒවා නොමැතිව හෝ වෙනත් පරිගණකයක දී හෝ අලුතින් ගත් පරිගනකයේ එවැන්නක් ඉන්ස්ට්‍රෝල් කිරීම අපහසු වීමට හැකිය.එවන් අවස්ථාවක දී මාර්ගගත කාර්යාලීය සේවාවක් භාවිතා කිරීම නුවණට හුරැය.මදක් ඒවාට හුරැ වීමෙන් පසුව ඔබට,පරිගණකයේ මෘදුකාංගයක් ස්ථාපනය කර ගෙන ඩිස්ක ඉඩ නාස්ති නොකර ගෙන වෙබ් බ්‍රව්සරයම ගමරාලගේ අමුඩේ වගේ මේ වැඩේටත් යොදා ගන්නට අවස්ථාව ලැබේවි.මෙහි අනෙක් මෙවැනි සේවාවලට සාපේක්ෂව ඇති විශේෂත්වයක් නම්
කිහිප දෙනෙක්ට එකවර ලිපි සංස්කරණය කළ හැකි වීමයි.එනම්,ඔබේ මිතුරාට යම් ලිපියකට අවසර ලබා දීමෙන් පසු ලොව දෙකෙළවර ඉදගෙන දෙදෙනාටම එකම ලිපියක් සකසන්නට පුථවන්.අනෙක් කෙනා ඔබ බලා ගෙන ඉද්දීම යතුරැලියනය කරන හැටි දකිනනට ලැබීම ඔබට මහත් විනෝදයක් වනු නොඅනුමානය.

මෙන්න වෙබ් ලිපිනය දැන්ම පිවිසෙන්න.  https://docs.google.com

No comments:

Post a Comment

Translate