Friday, April 7, 2017

බ්ලුටුත් වලට නම වැටුනු හැටි

ඔබ නිතර භාවිතා කරන සන්නිවේදන ක්‍රමයක් වන Bluetooth කියන නම ඇහුවොත් මෙම තාක්ෂණය සියලු දෙනා අතර ඉතා ප්‍රසිද්ධ තාක්ෂණයක්.රැහැන් රහිත මෙම ප්‍රචලිත තාක්ෂණය 
ට නම වැටුනේ ඇත්තටම “නිල් දත්“ ටිකක් නිසා කියලා ඇහුවොත් ඔයාලා පුදුම වෙන්නත්පුථවන්.බ්ල්ටුත් නම වැටුන හැටි ගැනයි මේ ලිපිය මම පළ කරන්නේ.10 වැනි සියවසේ මැද භාගයේ සිට ඩෙන්මාකය පාලනය කළේ හැරල්ඩ් ගෝම්සන් රජුයි. 

මෙතුමාව හැරල්ඩ් බ්ලුටුත් ලෙසත් හදුන්වනවා. මෙතුමාව බ්ලුටුත් යනුවෙන් හදුන්වන්නට හේතුව ලෙස එක් ප්‍රවාද කතාවක සදහන් වන්නේ,කුඩා කල සිටම බ්ලුබෙරි පලතුර දීර්ඝ ලෙස ආහාරය ගැනීම නිසා මෙතුමාගේ දත්,නිල් පැහැයට හුරැ කහටකින් වැසී තිබීම බවයි.

‍මෙහි ඉතාම සත්‍යම කාරණය වනු‍යේ


හැරල්ඩ් රජු විසින් සියවසේ අග භාගය වන විට තම බලය නෝර්වේ දක්වා පතුරවා.හැරල්ඩ්,රාජය පාලනයෙහි දක්ෂ රජෙකි. ඔහු ‍ඩෙන්මාකය පාලනය කරන සම‍යේ එහි සිටි එකි‍නෙකට කිසිත් ‍නොගැළ‍පෙන ‍‍‍‍ගෝත්‍ර උපාය මාර්ගිකව එක්සත් කර පාලනය කිරීමට ඔහු සමත් වූවාය.එ‍මෙන්ම ඔහු‍ගේ රාජය පාලනය තුළ දී ‍බෙදී පැවති තම ර‍ටේම ප්‍රදේශ එකි‍නෙක බද්ධ කර පාලනය කරන්නට සමත් වූවාය.බ්ලුටුත් තාක්ෂණ සංකල්ප‍යේදී ද රැහැන් රහිතව සම්බන්ධ කළ ‍නොහැකි උපාංග සම්බන්ධ කරනු‍යේ හැරල්ඩ් රජු විසින් ‍නොගැලපෙන ‍ගෝත්‍ර එක්සත් කළ ආකාර‍ය ‍මෙනි.‍මෙම ඉතිහාස කතාව ඇසු‍රෙන් ‘ජිම් කාඩැච්‘ මහතා විසින් බ්ලුටුත් ‍ලෙස ‍මෙම තාක්ෂණය නම් තැබීමට ‍යෝජනා ‍කෙරිණි.



බ්ලුටුත් වලදී භාවිතා කරන සං‍කේතය (Logo) නිර්මාණය කරන ලද්‍‍දේද පුරාණ ‍සෙල්ලිපි වල සදහන් හැරල්ඩ් රජු‍ගේ න‍මේ මුලකුරැ වන H(  ),B(  ) යන අක්ෂර ඇසුරිනි. 


          




No comments:

Post a Comment

Translate