යම්කිසි චිත්‍රයක් ඇඳීමේ දී සහ පාට කිරීමේ දී කුඩා දරුවන් හට ඇති ගැටලුවක් නම් නියමිත වර්ණය තෝරා ගැනීම යි. කුඩා දරුවන් හට පමණක් නොව, වැඩිහිටියන් හට ද යම් යම් දෑ චිත්රගත කිරීමේ දී විවිධ වර්ණ අවශ්‍ය වන්නට පිළිවන. Scribble Pen නම් පෑන නිෂ්පාදනය වී ඇත්තේ එයට විසඳුමක් වශයෙනි. මෙහි දී වර්ණ මිලියන 16ක් අතුරින්, කැමති වර්ණයක් කැමති ආකාරයකින් භාවිත කිරීමේ හැකියාව පවතී. සුවිශේෂත්වය වන්නේ, සැබෑ තීන්ත භාවිතයෙන් හෝ දුරකථන තිරය මත හෝ මෙම ඇඳීම කළ හැකි වීම යි.
මූලික වර්ණ සංඛ්‍යාව ලක්ෂයක් වන අතර, සෙසු වර්ණ බිහි වනුයේ මූලික වර්ණ වෙනස් අනුපාතයන් ගෙන් මිශ්‍ර වීමෙනි. මෙහි දී වර්ණ සංවේදකයක් සහ කුඩා ප්‍රොසෙසරයක් මගින් වර්ණ හඳුනා ගැනීම සහ සකස් කිරීම සිදු කෙරෙන අතර, කුඩා cartridge එකක් ද මෙම උපකරණය අභ්‍යන්තරයෙහි දක්නට ලැබේ. මෙම සියලු වර්ණ අඩංගු app එකක් ද නිෂ්පාදනය වීමට නියමිත අතර, එහි දී ඔබ ගේ ජංගම දුරකථනය හෝ ටැබ්ලට් පරිගණකය හෝ මත අවශ්‍ය දෑ චිත්රණය කිරීමේ හැකියාව පවතී. කුඩා දරුවන්, ගුරුවරුන්, චිත්‍ර ශිල්පීන්, නිර්මාණ ශිල්පීන්, සැලසුම්කරුවන්, ඡායාරූපකරණයේ නියුතු වූවන් වැනි බොහෝ පුද්ගලයන් හට මෙම නව සොයා ගැනීම වැදගත් වනු ඇතැයි නිෂ්පාදකයෝ සඳහන් කරති. එහි දී ඇඳීම පමණක් නොව, වර්ණ සංකලනය, සංසන්දනය, ගැළපෙන වර්ණ තෝරා ගැනීම වැනි කටයුතු සිදු කිරීමට ද ඔබට අවස්ථාව සැලසෙයි.
No comments:
Post a Comment