Sunday, October 22, 2017

පැරණි මිනුම් ක්‍රම සහ මුදල්

ඡායාරෑපය විශාල කර නැරබීමට Double Click කරන්න



දියර මිනුම්

කෝර් (බාත් 10/හින 60)
ලීටර් 220/ගැලුම් 58.1

බාත් (හින 6)
ලීටර් 22/ගැලුම් 5.81

හින (ලොග් 12)
ලීටර් 3.67/පයින්ට් 7.75

ලොග් (හින 1⁄12)
ලීටර් 0.31/පයින්ට් 0.66

ද්‍රව්‍ය මිනුම්

හෝමර (කෝර් 1/ඒපා 10)
ලීටර් 220

ඒපා (සෙයා 3/ඕමෙර 10)
ලීටර් 22

සෙයා (ඕමෙර 3 1⁄3)
ලීටර් 7.33

ඕමෙර (කැබ් 1 4⁄5)
ලීටර් 2.2

කැබ්
ලීටර් 1.22

ක්වාට්
ලීටර් 1.08

දිග පළල මිනුම්

දිග දණ්ඩ (දිග රියන් 6)
මී. 3.11/අඩි 10.2

දණ්ඩ (රියන් 6)
මී. 2.67/අඩි 8.75

බඹය
මී. 1.8/අඩි 6

දිග රියන (අල්ලවල් 7)
සෙ.මී. 51.8/අඟල් 20.4

රියන (වියත් 2/අල්ලවල් 6)
සෙ.මී. 44.5/අඟල් 17.5

කෙටි රියන
සෙ.මී. 38/අඟල් 15

රෝම ස්ටේඩියම් 1ක්
රෝම සැතපුම් 1⁄8=මී. 185/අඩි 606.95

1 ඇඟිල්ලක පළල (අල්ලකින් 1⁄4)

සෙ.මී. 1.85/අඟල් 0.73

2 අල්ල (ඇඟිලි 4ක පළල)

සෙ.මී. 7.4/අඟල් 2.9

3 වියත (අල්ලවල් 3)

සෙ.මී. 22.2/අඟල් 8.75

                             නුවර යුගයේ රාජ්‍ය පාලනය 17
                                      කිරුම් මිනුම් ක්‍රම

මහනුවර රාජ්‍ය පාලන අවධිය වන විට පැවැති කිරුම් මිනුම් ක්‍රමය වූයේ
සාම්ප්‍රදායිකව මෙරට පැවැත ආ සම්මතයන්හි අනුමාන ප්‍රමාණයන් වේ. මේවා බොහෝදුරට ශරීර අංගෝපාංගයන් ඇසුරින් යොදාගත් මිමි හා ශබ්ද ආශ්‍රයෙන් හුරු වූ පහසු විධි ක්‍රමයන් විය. එහි ස්‌වාභාවික පදනමක්‌ තිබේ. මිනිසා විසින් සිය පරිණාමයේදී අවබෝධ කොට ව්‍යවහාරයට යොදාගත් මෙම ක්‍රමයන් මගින් යමක්‌ ප්‍රමාණ කිරීම පුද්ගලයාගෙන් පුද්ගලයාටද තැනින් තැනට ද වෙනස්‌ විය. භාණ්‌ඩ හුවමාරුව ආර්ථිකයෙහි පහසුම මාර්ගය වූ අතර ප්‍රමාණය අවශ්‍ය වූයේ ඒ සඳහා ය. ඊට නිමිති කොටගත් බොහෝ දේ ප්‍රදේශ අනුව ද වෙනස්‌ විය. සරල ජීවන පැවැත්ම අරභයා බොහෝ ගණිත මිනිත ක්‍රම අවශ්‍ය නොවීය.

දුර මනින ලද්දේ හූවෙනි. උඩරට පළාත් කොමසාරිස්‌ මණ්‌ඩල වාර්තාවල සඳහන් වන ආකාරයට නඩුවකදී පවා "හූවක තරම් දුර" යන්න සැලකිල්ලට ගන්නා ලද බව පෙනේ. අද පවා ගම්වල මෙම දුර කීමේ පිළිවෙළ අනුගමනය කරන අතර එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වන්නක්‌ බැවින් නිශ්චිත මිනුමක්‌ වන්නේ නැත. එය සැතැප්මට සමාන කර බැලීමේදී "හූ දෙකක්‌" යනු සැතපුමක්‌ වෙයි. සැතපුමට තවත් ව්‍යවහාරයක්‌ වන්නේ "පිල්ලුමයි" එනම් දුර යැමේදී හෝ බර සාර කඳක්‌ ගෙන යැමේදී ජනතාවට සිය සරම වලාපට ගසා ගැනීම සාමාන්‍ය සිරිතවිය. එම වලාපට ලිහා වැටෙන දුර සැතපුමක්‌ සේ සලකන ලදී. පිළි ලෙහෙන තරම් දුර පිළි  ලිහුම  පිල්ලුම හෙවත් සැතපුමක්‌ සේ සලකන ලදී. වයිට්‌ විසින් සඳහන් කර ඇති මෙම සිංහල දුර මිනුම් ක්‍රමය සමහර ප්‍රදේශවල පමණක්‌ භාවිත වූවක්‌ විය. පයින් ගමන් කළ බොහෝ දෙනා දුර සඳහන් කරන ලද්දේ මෙවන් සරල සංසිද්ධීන් පදනම් කොට ගනිමින් බව පෙනේ. සැතපුම් සතරක්‌ ගව්වක්‌ විය. දවසට යා හැකි දුර ගව් පහකි. ගවු සතර යොදුනකි. යොදුනට සැතපුම් දහසයකි.

ශරීර අංගයන්හි ප්‍රමාණ යොදාගෙන යම් යම් මැනීම් සිදු කරන ලදී. වත්මන පවා භාවිත මෙම මිනුම්වල යම් සත්‍ය හා නිවැරැදිභාවයක්‌ පවතින බව පෙනේ. බඹය, අඟල, රියන, වියත, අඩිය එවැනි මිමි වෙයි. කෙනකු දැත විදහා ගත් කල මැදැඟිලි අග තුඩ දක්‌වා ඇති දිග ප්‍රමාණය සලකන ලද්දේ බඹය ලෙසය. බණ්‌ඩාර බඹය ලෙස තවත් මිම්මක්‌ නුවර යුගයේ විය. මාර්ග මිනීම සඳහා මෙය යොදාගත් අතර එය කෙනකුගේ අත් ඉහළට එස වූ කල පාදයේ සිට ඉහළට එස වූ අතේ ඇඟිලි තුඩ දක්‌වා ඇති දුර ප්‍රමාණය වෙයි. ඊට අඩි නවයක්‌ අයත් වන අතර බණ්‌ඩාර බඹ 500 ක්‌ සැතපුමක්‌ වශයෙන් සලකන ලදී. වැලමිටි සන්ධියේ සිට, දිගහළ අතේ මැදැඟිල්ලේ අග දක්‌වා දුර ප්‍රමාණය සලකන ලද්දේ රියන වශයෙනි. රියන අඩි එකහමාර හෙවත් අඟල් 18 කි. වඩු කර්මාන්තයේදී භාවිත වන රියන හඳුන්වන ලද්දේ zවඩු රියනZ ලෙසිනි. දෙඅත් ඇඟිලි මිටිකොට මහපතැඟිලි දෙක ගෑවෙන සේ ළං කළ විට ඇති දුර මීට අයත් වන බව රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කර ඇත. දබරැඟිල්ලේ දෙවැනි හා තුන්වැනි සන්ධි අතර ප්‍රමාණය වඩු කර්මාන්තයේ අඟල වෙයි.

ධාන්‍ය වර්ග මැනීම සඳහා යොදා ගන්නා ලද ප්‍රමාණ කිරීම් වන අතර ඒවා නිශ්චිත නොවීය. සමහර කුඩා ධාන්‍ය ඇට වර්ග කීපයක බර අනුව බෙහෙත් මැනීම සිදුවන අතර අදත් මේවා වෛද්‍යවරුන් විසින් භාවිතයට ගනු ලබයි. "යෝගාර්ණවය" වැනි කෘතීන්හි මෙබඳු පැරැණි මනිත ක්‍රම දක්‌නට ඇත. එවන් චක්‍රයක්‌ මෙසේය.

තල ඇට 3 මුං අට 1 යි

මුං ඇට 30 වී ඇට 1 යි

වී ඇට 8 මදටිය ඇට 1 යි

මදටිය ඇට 20 කලං 1 යි

කලං 3 හූන 1 යි

හූන 2 පලම් 1/2 යි

පලම් 2 කුලුඳුල් 1 යි

කුලුඳුල් 2 පත 1 යි

පත 2 මනා 1 යි

මනා 2 නැළි 1 යි

ලාහ 4 තිඹ 1 යි

ලාහ 10 පෑළ 1 යි

පෑළ 4 අමුණු 1 යි

මෙහි පත යනු කුඩා මිනුමකි. එය කෙනකුගේ ඇඟිලිවල ආධාරයෙන් අල්ලේ රඳවාගත හැකි ප්‍රමාණයයි. දොaත යනු අත් දෙක තුළ රැඳවිය හැකි ප්‍රමාණය වෙයි. ස්‌කන්ධ මැනීම සඳහා යොදාගත් අවිද්‍යාත්මක වූ මේ මැනීම් රාජ්‍ය මට්‌ටමින් ද පිළිගත් ඒවා විය. එහෙත් ලාභ ලැබීමේ අරමුණින් නිලධාරීන් විසින් ද ප්‍රභූන් විසින් ද මේ මිනුම් වෙනස්‌ කර භාවිත කළ අවස්‌ථාවල රාජ්‍ය නියෝග පවා පනවන ලද බව සඳහන් වෙයි. විවිධ ප්‍රදේaශවල භාවිත වූ මිමි අසමාන විය. කුරුණිය, නැළිය වැනි භාණ්‌ඩ වාසිය පිණිස සාදා ගත් අය වූ බැවින් දුප්පතුන් අසීරුවට පත් විය. දෝත දෙකක්‌ බණ්‌ඩාර නැලියකි. කුරුණියක්‌ සඳහා බණ්‌ඩාර නැලි හතරක්‌ අවශ්‍ය විය. පෑළක්‌ යනු කුරුණි 16 කි. පෑළ් 4 අමුණකි. මෙවැනි ඒකක යොදා ගනිමින් මහනුවර රාජ්‍ය සමයෙහි මිනුම් කළ අයුරු නොක්‌ස්‌ දුටු බව එදා හෙළදිවෙහි සඳහන් වෙයි.

ද්‍රව වර්ග මැනීමට ද ස්‌වාභාවික උපකරණ භාවිතයට ගැනුණි. හර්ෂෝත් හා ඩේව් ගේ විස්‌තරවලට අනුව දියපත, දිය හුණ්‌ඩුව. දිය නැළිය, දිය ලාහ යනුවෙන් දියර වර්ග ප්‍රමාණ කරන ලදී. ඉතා සියුම් ව ගත් කල්ක සහ රත්‍රන් ආදී දේ මැනීමට මදටිය හෙවත් මංචාඩි භාවිත කරන ලදී. මෙය කලඳ සේ ද නම් වේ.

කලං සහ පලම් යනු ද මෙවැනිම මිනුමකි.

ඉඩම් මැනීම සඳහා ධාන්‍ය මිම්මක්‌ විය. ධාන්‍ය මනින උපකරණ වන ලාහ, කුරුණිය වැනි දෙයක්‌ ඇසුරින් ඉඩමේ වපුරන ධාන්‍ය ප්‍රමාණය අනුව බිම නිශ්චය විය. වී කුරුණියක බිම වී මල්ලක හෝ අමුණක බිම යන්න අදත් භාවිත වේ. එහෙත් ධාන්‍ය වර්ග අනුව බිම වෙනස්‌ විය. වී වලට වඩා කුරක්‌කන් වැපිරෙන බිම වෙනස්‌ වූ අතර ධාන්‍ය වර්ග ද සඳහන් කිරීම අවශ්‍ය විය. වයඹ දිසාපති වාර්තාවලට අනුව ඉඩමේ සරු නිසරු භාවය ද පිහිටීමේ ස්‌වභාවය ද අනුව වැපිරෙන ප්‍රමාණයන් තීරණය වූ බව පෙනේ. ධාන්‍ය ඇසුරින් ඉඩම් ප්‍රමාණ කිරීම අදත් ප්‍රාදේශීය වශයෙන් පවතිනු දක්‌නට ලැබේ. පුද්ගලයාගේ සමාජ තරාතිරම කීමේදී ද ධාන්‍ය ප්‍රමාණ කිරීම අතීතයේ සිට පවතින්නක්‌ වේ. කිසිදු යෑපීම් මඟක්‌ හෝ ඉඩමක්‌ නැති පුද්ගලයා හඳුන්වන ලද්දේ "වී මිටක" හෝ "බිම් අඟලක" අයිතියක්‌ නැත්තා ලෙසය. "මිට", "පත" යන භාවිතයන් දෙකම ඉතා කුඩා මිනුම් ඒකක දෙකක්‌ වූ අතර අතීතයේදී එවන් මැනීම් ක්‍රමයන් ද භාවිතයට ගනිමින් සකස්‌ වූ චක්‍ර ද මහනුවර සමයේ භාවිතයේ පැවැතිණි.

මිට 4 අතළොස්‌ස 1 යි

මිට 8 පත 1 යි

පත 2 මනාව 1 යි

මනාව 2 නැළි 1 යි

නැළි 4 ලාහ 1 යි

ලාහ 4 තිඹ 1 යි

කුරුණි 5 බෙර 1 යි

බෙර 2 පෑළ 1 යි

පෑළ 4 අමුණු 1 යි

පෑළ 6 යෙල් 1 යි

අමුණු 12 යල 1 යි

(සිංහල සමාජ සංවිධාන රැල්ෆ් පීරිස්‌)

කාලයද අනුමාන කොට මනින ලදී. සතුන්ගේ නාද, මල් පිපීම්, ගස්‌වැල් වල වෙනස්‌වීම් අනුව මෙය තීරණය විණ. සවස 4 ට හෙන්දිරික්‌කා මල් පිපෙතැයි නොක්‌ස්‌ කීය. කුකුළා, කෑරලා, වඳුරා වැනි සතුන්ගේ හඬ ද වේලාව කියන ලදී. රජු වේලාව බලා ගන්නා ලද්දේ තඹ තැටියෙනි. පතුලේ කුඩා සිදුරක්‌ ඇති තඹ තැටිය ජලයේ බහාලීමෙන් පසු එය පිරෙන කාලය හෝරාවක්‌ විය. සාමාන්‍ය ජනයා හෙවණැල්ල මැනීමෙන් කාලය බැලීය. එය හිටිපියවර වේලාව නම් වේ. මී කෙළින වේලාව, හරක්‌ දක්‌කන වේලාව, හෙන්දිරික්‌කා මල් පිsපෙන වේලාව, ඉරගල වැටෙන වේලාව, කොස්‌ කොළේ නැට්‌ට නොපෙනෙන වේලාව ආදී ලෙස ස්‌වභාවික සිදුවීම් ඇසුරින් වේලාව දැනගැනීමට පුරුදු වූහ.


මහනුවර යුගයෙන් පසු සිංහල සංස්‌කෘතියේ සාම්ප්‍රදායික ගලායැම ඉංග්‍රීසීන් විසින් හරස්‌ කරන ලදී. එහි බොහෝ යහපත් හා අයහපත් දැ ද දක්‌නට ලැබිණි. අනුරාධපුර යුගයේදී පැවැතියා වූ පිරිපුන් සමාජමය ගුණය එක්‌ එක්‌ යුග හරහා මහනුවරට එද්දී පරිහානියට පත්ව පුද්ගලයාගේ ආධ්‍යාත්මය ද වල්බිහිව ගොස්‌ තිබුණු බව පෙනේ.

No comments:

Post a Comment

Translate