දත් ගැන සදහන් කිරිමේදි දන්ත රෝග ගැනද සදහන් නොකරම බැහැ.මොකද දන්ත රෝග නිසා බොහෝමයක් දෙනා පිඩා විදින නිසා. දන්ත රෝග බොහෝමයක් සදහා හේතු වන්නේ අප ගන්නා ආහාරයි.එම ආහාර විශේෂයෙන්ම රාත්‍රි කාලයේදි අපගේ මුඛයේ කොටස් වශයෙන් රැදි දත් දිරායාම සදහා හේතු වනවා. මෙසේ රාත්‍රි කාලයේ දත් දිරාපත් වීම වලක්වා දත් අළුත් වැඩියා කරන දන්තාලෙපයක් නිර්මාණය කිරිමට සමත්ව තිබෙනවා.මෙය බයෝමින්(BioMin) යනුවෙන් හදුන්වන තාක්ෂණයක් වන අතර එය දත් වලින් නැතිවී යන එනැමලය සෑදීමේ හැකියාව සහිත මුලද්‍රව්‍ය වලින් සමන්විතයි.මෙය පරිශිලකයා නින්දේ සිටින අවස්ථාවේ
සිදු කරයි.මෙය බයෝමින්එෆ්(BioMinF) නමින් දන්ත වෛද්‍යවරුන් හට ලබා දී තිබෙනවා. දත් දිරාපත් වීම හා දන්ත
සංවේදිතාවෙන් සියයට 42ක් පමණ වයස 2ත් 11ත් අතර දරුවන් පිඩා විදින අතර සියයට 92ක් පමණ වයස 20ත් 64ත් අතර වැඩිහිටියන් පිඩා විදියි. මෙම නවතම බයෝමින්එෆ් දන්තාලේපය පිලිබද පර්යේෂණ පවත්වන ලන්ඩන් විද්‍යාඥයන් විසින් මෙමගින් දත් දිරායාම,කැල්සියම්,පොස්පේට් හා ෆ්ලෝරයිඩ් අයන වල ඉතා සෙමින් නිදහස් කිරිම තුලින් පාලනය කිරිම පිලිබද පර්යේෂණ පවත්වා ඇත.සාමාන්‍ය දන්තාලේපයක් මගින් පැය කිහිපයක් පමණක් දත් මැදිමෙන් පසුව එහි ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නා අතර බයෝමින් තම ක්‍රියාකාරිත්වය පැය 8-12ත් අතර කාලයක් එය පවත්වා ගනියි. මුඛය තුල ඇති සැලිවා හා කැල්සියම්, පොස්පේට් එක්ව සාදන නව ඛණිජ ලවණයක් මගින් දත් ශක්තිමත් කරන අතර දත්වල හැඩය නැවත ඇති කර ගැනීම සදහා උපකාර වෙයි.දන්ත සංවේදිතාව පාලනය කරනුයේ නිරාවරණය වී ඇති ස්නායු වලට සම්බන්ධ නාලිකා ආවරණය කිරිම තුලිනි.බයෝමින් තාක්ෂණයේදි උෂ්ණාධික හා සීතාධික පානයන් පානය කිරිමේදි සිදුවන දතන්ත සංවේදිතාව අඩු කරන්නේ එහි ස්නායු ආවරණය කිරිම තුලිනි.
මෙම බයෝමින් තාක්ෂණය නිර්මාණය කර ඇත්තේ දන්තාලේප නිෂ්පාදනය අරමුණු කරගෙනය.ඊට අමතරව පිරිසිදු කිරිමේ හා පැහැපත් කිරිමේ දන්ත නිෂ්පාදන සදහාද මෙය යොදා ගනියි.මෙම බයෝමින්එෆ් නිෂ්පාදනය දැනට වෙළදපලට නිකුත් කිරිමට අපේක්ෂා කරන්නේ යුරෝ 5(රු.825) වැනි මුදලකටය.මෙය වෙලදපොලේ දැවැන්ත අලෙවියක් අත්පත් කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
No comments:
Post a Comment