Tuesday, November 23, 2021

ඉන්දුනිසියානු උරුලෑ කෝපි..



ලෝකයේ මිළ අධිකම කෝපි වලින් එකක් වන  KOPI LUWAK නිෂ්පාදනය කරන්නේ  සතෙකුගේ මලපල වලින්  කියලා කිව්වොත්  ඔයාලාගේ මුහුණේ ඉරියව් වෙනස් වෙලා යනවා නො අනුමානයි .

මෙම කෝපි නිෂ්පාදනයට යොදා ගන්නා  සත්වයා වෙනින් කවුරුත් නෙමෙයි  ඒ තමයි උරුලෑවා.

මෙම මිළ අධිකම  KOPI LUWAK නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියානු දූපත් වන සුමාත්‍රා, ජාවා, බාලි සහ සුලවේසි සහ නැගෙනහිර ටිමෝරයේ ය.තව  පිලිපීනයේ දූපත් වල ගොවිපලවල් වලද නිෂ්පාදනය කරනු ලැබේ.

kopi luwak කෝපි මිලෙන් අධික වීමට ප්‍රධාන හේතුව වන්නේ

මෙම නිෂ්පාදනය මහා පරිමාණයෙන් කිරීමට නොහැකි නිසාත් ,  ඉහත කී රටවල මෙම නිෂ්පාදනය සුළු වශයෙන්  කරණ නිසාත් , සතකුගේ බඩ තුළ ජිර්ණය වු විශේෂ කෝපි වර්ගයක් නිසාත්‍ ය.

kopi luwak කියන නම හැදෙන්නේ  kopiයනු කෝපි සඳහා ඉන්දුනීසියානු වචනය සහ luwak යනු සුමාත්‍රා හි උරුලවාට කියන නමත් එකතුවිමෙන්.

කෝපි අස්වැන්න නෙළාගත් පසු අස්වැන්න තෝරා  ගත් ගොවි පළවල් වලට රැගෙන එන අතර , ඒ ගොවි පළේ සිටින Asian plam civet සත්වයාට අනුභව කිරිමට ලබාදේ, එම කෝපි ආහාරයට ගෙන පසුව මළ පහ කරණු ලබන මළත් සමඟ කෝපි ගොවින් එකතු කර එය පිරිසිදු කර මිළ අධිකම කෝපි වන KOPI LUWAK නිෂ්පාදනය කරණු ලබනයි මෙම කෝපි නිෂ්පාදකයින් තර්ක කරන්නේ මෙම ක්‍රියාවලිය මඟින් කෝපි වැඩි දියුණු කළ හැකි බවයි.එසේ සිදු වන්නේ සතාට දෙන  කොපි ආහාර  තොරා බේරා කන විටය - එනම් වඩාත්ම ඉදුණු හා දෝෂ රහිත ඒවා එම සත්වයන් ආහාරයට ගන්න නිසායි. ආහාර ජීර්ණය මගින්  ආහාරයට ගත් කෝපි ඇට වල රසකාරක පැතිකඩ වැඩි දියුණු කළ හැකි බවත් උරුලෑ වාගේ  එන්සයිම ආහාර ජීරණ ක්‍රියාවලියේදී කොපි ඇට වලට කාන්දු වී  එමගින් ගුණාත්මක වටිනා කමක් ලබා දෙනබව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

උරුලෑ කෝපි සතු විශේෂ සෞඛ්‍ය වාසි

01.සාමාන්‍ය කෝපි වලට සාපේක්ෂව PH අගය වැඩි නිසා ශරීරය ට හිතකර වේ..

02.ප්‍රභල ප්‍රතිඔක්සිකාරක ගුණයකින් යුක්ත වේ.බඩ වැල් පිළිකා සහ හදවත් රෝග වලට කදිම ඔසුවකි.

03.සාමාන්‍ය කෝපි වලට වඩා මනෝ විද්‍යාත්මක උත්තෙජනය වැඩිය. මෙම ධනාත්මක උත්තෙජනය සති ගණනක් වුවද පැවතිය හැකිය.

04.අක්මාව ශක්තිමත්කරයි.

KOPI LUWAK කෝපි වාර්ෂික ලෝක නිෂ්පාදනය කිලෝ 600ක් තරම් ප්‍රමාණයක් බව අන්තර්ජාලයෙ සඳහන් වෙනවා .KOPI LUWAK කෝපි කිලෝවක දළ මිල  ඇමරිකානු ඩොලර් 600ක් තරම් ඉහළ මිලකට අලෙවි වෙනවා.එය ග්‍රෑම් 100 කට ඩොලර් 60 කට සමාන වේ. මෙම මීළ ගණන් වෙනස් වන හෙයින් නිශ්චිත මිලක් කිව නොහැකිය.







No comments:

Post a Comment

Translate