Thursday, October 25, 2018

ඕනෑම තැනකින් ජලය පිරිසිදු කළ හැකි Purisoo වතුර බෝතලය

පිරිසිදු ජලය යනු අපට එතරම් ගැටළුවක් නොවූවද, අප පිරිසිදු යැයි සලකන ජලයෙහි විවිධාකාර අපද්‍රව්‍ය තිබීමට හැකිය. නිවෙස් වල බොහෝ විට ජල ෆිල්ටර අපි භාවිතා කරන්නේ එම නිසාය.සාමාජිකයන්ගේ සෞඛ්‍ය පිළිබදව අලුත්සොෆ්ට්හෝම් අපි හැමදාම සිතන නිසයි මෙවැනි ලිපියක් අපි අද ලබා දෙන්න සිතුවෙ.හොදයි එහෙනම් අපි වැඩේට බහිමු. කෙසේ වුවද දුර බැහැර ගමනක් යන විට හෝ හදිසි අවස්ථාවකදී අපට ලැබෙන ජලයෙහි පිරිසිදුකම පිලිබඳ සහතික වීමට නොහැකිය.  Kickstarter හරහා අරමුදලක් රැස් කළ Purisoo යනු ඕනෑම අවස්ථාවකදී පිරිසිදු ජලය ලබා ගැනීමට සැකසූ වතුර බෝතලයක් හා ජල ෆිල්ටරයකි. බෝතලය හා ෆිල්ටරය යන වචන දෙකම මෙහි භාවිතා කරනු ලබන්නේ මෙම ජල බඳුන තුලට සවි කළ ජල ෆිල්ටරයක් හරහා ක්ෂණිකව ජලය පිරිසිදු කරගත හැකි නිසාවෙනි. මෙය භාවිතා කිරීම ඉතාමත් සරලය. 

ඔබ කළ යුත්තේ
බෝතලයේ
පහල කෙළවර විවෘත කර එය ජල මුලාශ්‍රය තුලට ගිල් වීමයි. ඉන්පසු එහි අනෙක් කෙළවර ඇති පියන පොම්පයක් මෙන් ඉහලට පහලට කරන විට පහල සිදුරෙන් ඇතුළු වන ජලය Purisoo හි ලේයර 3ක් සහිතෆිල්ටරය හරහා පිරිපහදු වී බෝතලය තුලට පිරීම ඇරඹේ. ජලය බෝතලය තුලට පිරුණු පසු පිටුපස සිදුර වසා දැමීමට හැකි අතර උඩ පියන කරකවා විවෘත කළ හැකිය. ඉන්පසු ඔබට සාමාන්‍ය වතුර බෝතලයකින් මෙන් පිරිසිදු කර ගත් ජලය පානය කිරීමට හැකියාව ලැබේ. තවද Purisoo බෝතලය සමඟ මීටරයක් දිග extention tube එකක්ද ලැබෙන බැවින් ලඟා වීමට අපහසු ජල මුලාශ්‍ර වලින් වුවද ජලය ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි. මෙහි ෆිල්ටරය හෙවත් පිරිපහදු පද්ධතියට ලීටර 1000ක් දක්වා පිරිසිදු කිරීමට හැකි අතර එය අවශ්‍ය විටක ගලවා අලුත් ෆිල්ටරයක් සවිකරගත හැකිය. මේ හරහා ජලයේ දියවී ඇති අපද්‍රව්‍ය හා බැක්ටීරියා මෙන්ම ලෝහ වර්ග සම්පූර්ණයෙන්ම ඉවත් කරන නමුත් වෛරස වර්ගඉවත් කළ හැක්කේ 70%ක් පමණ බව පැවසේ. මෙය සාමාන්‍ය ජල ෆිල්ටර වල දැකිය හැකි ගැටළුවකි. පොම්පය,පිරිසිදු කරන ෆිල්ටරය හා ජලබඳුන යන සියල්ලම Purisoo උපාංගය තුළ පිහිටීම නිසා එහි රඳවාගත හැක්කේ වතුර මිලිලීටර 408ක ප්‍රමාණයක් වුවද අතිරේක ජල බඳුනක් රැගෙන යාම මඟින් මෙම ගැටළුව වළක්වා ගත හැකි වනු ඇත. 


                                        වීඩියෝව නරඹන්න.

                   

No comments:

Post a Comment

Translate