Saturday, July 8, 2017

ටීවි බොක්ස් එකක් ලෙස හැදින්වෙන්නේ කුමක් ද ?



අඩු පහසුකම් සහිත පැරණි රෑපවාහිනි යන්ත්‍ර වෙතට නවීන රෑපවාහිනි යන්ත්‍රයක ඇති පහසුකම් එක් කිරීමට මෙන්ම සාමාන්‍ය පරිගණක මොනිටරයක් නවීන රෑපවාහිනි යන්ත්‍රයක් සේ භාවිත කිරීමට ද යොදා ගත හැකි උපාංගය ටීවි බොක්ස් ලෙස හදුන්වයි.ටීවි බොක්ස් එක වීජීඒ කේබල් එකක් හෝ එච්ඩීඑම්අයි කේබල් එකක් හෝ හරහා රෑපවාහිනි යන්ත්‍රයක් සමග මෙන්ම පරිගණක මොනිටරයක් සමග ද සම්බන්ධ කළ හැක.
ඉන් පසුව රෑපවාහිනි ඇන්ටෙනවා ටීවි බොක්ස් එකට සම්බන්ධ කර ඒ හරහා රෑපවාහිනි නාලිකා සුසර කර ගත යුතුය.සාමාන්‍ය ටීවි බොක්ස් එකක් වෙනුවට ස්මාර්ට් ටීවි බොක්ස් එකක් භාවිතා කළ විට සාමාන්‍ය රෑපවාහිනි යන්ත්‍රයක් ස්මාර්ට් රෑපවාහිනි යන්ත්‍රයක් සේ භාවිතා කළ හැක.මේ සදහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් ටීවි බොක්ස් එකක් ගැළපෙයි.ටීවි බොක්ස් එක සමග දුරස්ථ පාලකයක් සහ අවශ්‍ය කේබල් තිබෙයි.ටීවි බොක්ස් එක සමග යූඑස්බී, එච්ඩීඑම්අයි, වයිපයි යනාදී පහසුකම් භාවිතා කරන්නට පුථවන.


No comments:

Post a Comment

Translate