දණගාමින් බඩගාමින් පියවරින් පියවර පසු කර එන ජීවන චාරිකාවේ සන්ධිස්ථානය අල්ලාගෙන නැගිට මහ පොළොව මත දෙපා තබා පියවර නැගීමය.කිරිකැටි ජීවිතයක ඒ අසිරිමත් මොහොත උදාවන තුරැ දෙමාපියන් වසරක්වත් ඉවසීමෙන් කල්ගත කළ යුතුය.නමුත් උපත ලබා මිනිත්තු කිහිපයක් තුළ දෙපයින් ඇවිද ගිය දැරියක පිළිබදව පුවතක් දකුණු බ්‍රසීලයේ සැන්ටා කෘෘස් මාතෘ රෝහලෙන් වාර්තා වේ.හොදින් වැඩී සිටි මෙම දැරිය උපත ලැබු විගස නහවා පිරිසිදු කිරීම සදහා පවුල් සෞඛ්‍ය සේවිකාව විසින් ඔසවා ගැනීමට උත්සාහ කර ඇත.ඒ සදහා පවුල් සෞඛ්‍ය සේවිකාව විසින් දැරියගේ පපු ප්‍රදේශය හරහා අත දමා ඔසවා ගැනීමට උත්සාහ කරද්දී දැරිය නැගිට කෙමෙන්
කෙමෙන් පියවර තබමින් ඇවිද ගොස් තිබේ.
සූතිකාගාරයේ සිටි වෛද්‍යවරයකු විසින් මෙම අසාමාන්‍ය සිදුවීම රෑපගත කර මුහුණුපොත ඔස්සේ බෙදාහැර තිබේ.නමුත් මෙම සිදුවීම පිළිබදව වැඩිදුර තොරතුරැ අනාවරණය කිරීමෙන් එම වෛද්‍යවරයා වැලකී ඇති අතර වීඩියෝ පටයේ දිස්වන පවුල් සෞඛ්‍ය සේවිකාවගේ නිළ ඇදුම් අනුව ඇය දකුණු බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩි සෝල් ප්‍රාන්තයේ සැන්ටා කෘෘස් මාතෘ රෝහලේ සේවය කරන්නියක බවට අනුමාන කළ හැකිය.
No comments:
Post a Comment