මෙය සොයා ගනු ලැබුවේ 1936 දි, ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අසල කුයුට් රැබූ නම් ගම්මානයෙන්. 1938 දී ඉරාකයේ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂව සිටි ජර්මන් ජාතික විල්හෙල්ම් කොනින් තමයි, ලෝකයේ අවධානය මෙයට යොමු කළේ. 1940දී ඔහු පර්යේෂණ ලිපියක් ඉදිරිපත් කළා, මේවා ගැල්වනික කෝෂ සහිත බැටරි විශේෂයක් කියමින්. සමහර විට මේවා යොදා ගන්න ඇත්තේ රිදියෙන් තැනූ ආභරණ ඔප දැමීමට විය හැකියි. ඒක එහෙම නම් ඇලෙක්සැන්ඩර් වෝල්ටා 1800 ගණන්වල විදුලි කෝෂ බැටරිය තනන්න අවුරුදු මිලියනයකටත් වැඩි කාලයකට කලින් මේවා නිර්මාණය කරන්න ඇති කියලා හිතන්න පුළුවන්.
මේ ඉපැරණි විදුලි කෝෂයට යොදා ගෙන තියෙන්නෙ, සෙ.මී. 13ක් උස ‘ටෙරාකොටා’ මැටි බඳුන්. එහි මුදුනේ සෙ.මී. 4ක විතර කටක් තිබුණා. තනි යකඩ කූරක් හා තඹ තහඩුවක් රොල් කර තැනු සිලින්ඩරයක් ඒ තුළට රිංගවා තිබුණා. එහි මුදුනේ තඹ තහඩුව හා යකඩ කූර වෙන් කර තැබීමට බිටුමින් කෙවෙනියක් යොදා තිබුණා. ඒවා මැටි බඳුනට හොඳින් හිර වන සේ සවි කර තිබුණා. මේ මැටි බඳුන් බඳෙන් පිටතට පිම්බී යන විදියටයි, තනා තිබුණේ. විදුලි කෝෂයක් බවට පත්වීමට මේ බඳුන තුළට සිට්රික් අම්ලය වැනි දෙයක් යොදන්න ඇති කියලයි, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. ඒ සඳහා දෙහි යුෂ, මිදි යුෂ හෝ විනාකිරි භාවිත කරන්න ඇති. ඔවුන් විදුලි බලය නිපදවා ගත්තේ එහෙමයි. ඒ අනුව පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන අය කියන්නේ මීට වසර 3000 කට පෙර ඈත අතීතයේ, ඉපැරණි මිනිසා විදුලි උපකරණ පරිහරණය කරන්න ඇති කියලයි. ඔවුන්ට ඒ සඳහා දැනුම ලැබුණේ කොහොමද? කාගෙන්ද? පිළිතුරු සෙවීම පහසු කාරණාවක් නම් නොවේ.


No comments:
Post a Comment