ඩිජිටල් කැමරාවකින් ලබා ගන්නා ඡායා රෑපයක ගුණාත්මක බව තීරණය වෙන්නේ මෙගා පික්සෙල් ගණන මතම නොවේ.කැමරාවක ඇති
සෙන්සර් (Sensor), ඉමේජ් ප්‍රොසෙසරය, කාච ,වල උසස් බව සහ ඡායාරෑප විශාල කිරීමේ හැකියාව මත ඩිජිටල් කැමරාවකින් ලබා ගන්නා ඡායාරෑප වල ගුණාත්මක බව රදා පවති.පික්සෙල් ගණන වැඩි වන විට කැමරාවෙන් ගන්නා ඡායාරෑපවල පික්සෙල් දිග ප්‍රමාණය සහ පික්සෙල් පළල ප්‍රමාණය වැඩිවී ඡායාරෑපයේ ප්‍රමාණය විශාල වෙනවා පමණි.
මෙසේ රෑපයක දිග හා පළල වැඩි වූ පමණින් රෑපයේ ගුණාත්මක බව වැඩි වන්නේ නැති බව අප ඉතා හොදින් දනිමු.අනෙක් අතට සලකා බැලූ කළ ජංගම දුරකථන කැමරාවලට උසස් තත්වයේ කාච,සෙන්සර් මෙන්ම ඉමේජ් ප්‍රොසෙසර්ද යොදා ගන්නේ නැති බව කවුරැත් හොදින් දන්නා කරැණක් වනු නිසැකය.
No comments:
Post a Comment