Wednesday, March 29, 2017

ඇන්ඩ්‍රොයිඩ් ඇප් පරිගණකය වෙත ඩවුන්ලෝඩ් කොට තබා ගෙන පසුව ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයකට ඉන්ස්ටොල් කර ගන්නේ කෙසේ ද?

ඇන්ඩ්‍රොයිඩ් ඇප් පරිගණකයට ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා ඒපීකේ ඩවුන්ලොඩර් (Apk Downloader) වෙබ් සේවාව භාවිතා කළ හැකිය.මුලින්ම කළ යුත්තේ Google play වෙබ් අඩවිය වෙත පිවිස තමාට අවශ්‍ය App එක තෝරා ගැනීමයි.දැන් එහි වෙබ් ලිපිනය හෙවත් URL  එක කොපි කර ගත යුතුය.ඉන්පසුව https://apps.evozi.com/apk-downloader/ යන URL එක ඔස්සේ APK ඩවුන්ලෝඩර් වෙබ් අඩවියට පිවිසිය යුතුය.එහි Pakage name or Google Play URL නම් බොක්ස් එකක් තිබේ.කලින් කොපි කර ගත් යූආර්එල් එක මෙහි Paste කළ යුතුය.ඉන් පසුව
Generate Download Link නම් බට්න් එක ක්ලික් කළ යුතුය.මෙවිට මෙම ඇප් එක ඩවුන්ලෝ කර ගත හැකි Link එක සකස් වෙයි.දැන් පහළින් තිබෙන Click here to download නම් බට්න් එක ක්ලික් කළ යුතුය.එවිට ඇප් පරිගණකයට වෙතට ඩවුන්ලෝඩ් වීම ඇරඹී සම්පූර්ණ වෙයි.මෙසේ ඩවුන්ලෝඩ් කර ගත් ඇප් එකක් ඇන්ඩ්‍රොයිඩ් උපාංගය තුළ ඉන්ස්ටෝල් කර ගැනීම පිණිස එම File එක ඇන්ඩ්‍රොයිඩ් උපාංගය වෙත පිටපත් කළ යුතුය.ඉන්පසුව එය තෝරා දුන් විට ඉන්ස්ටෝල්වීම ඇරඹී සම්පූර්ණ වෙයි.

No comments:

Post a Comment

Translate