Friday, September 2, 2016

තමාම නිපදවන ශක්තියෙන් ක්‍රියාත්මක වන නවතම අඩු මිල කෘත්‍රිම සම


තාක්ෂණයෙන් ඉදිරියටම යන යුගයක රොබෝ තාක්ෂණයෙන්ද වඩාත් ඉදිරියෙන් සිටිමට මිනිසා සමත් වී ඇත.එවැනි තාක්ෂණයෙන් නිමැවුනු නවතම රොබෝවක් වන්නේ ස්මාර්ට් ආකාරයේ සමක් සහිත රොබෝවයි.මෙහි ස්පර්ෂක සංවේදිතාවයක් සහිත වීමද විශේෂත්වයක් ලෙස හැදින්විය හැකිය. නම්‍යශීලිත්වය හා පැලදිය හැකි සංවේදක සහිත වීම නිසා මිනිසාගේ මෙන් ස්පර්ෂක සංවේදිතාවය සහිත රොබෝ නිෂ්පාදනය සදහා දැන් දැන් මිනිසා වැඩිපුර පෙලඹී ඇත.ස්නායු ආකාරයේ විද්‍යුත් සම නිෂ්පාදන තාක්ෂණය නිසා මෙම කටයුත්ත පහසුවක් වුවත් ඒ සදහා යන අධික වියදම ප්‍රභල අභියෝගයක් වී ඇත.චීන විද්‍යාඥයන් පිරිසක් විසින් නිපදවනු ලැබු විනිවිද පෙනෙන සුළු ස්මාර්ට් සම නිසා මෙම අධික මිල අවම කර ගැනිමට සමත්ව ඇත.නමුත් එහි තාක්ෂණික උත්පාදනය සදහාද මිලක් වැයවනු ඇත.
පර්යේෂකයන්ගේ අදහසට අනුව
මෙම සංවේදිතාවය වැඩි කිරිම යනු ඒ සදහා වැඩිපුර ඉලෙක්ට්‍රෝඩ යොදා ගැනිමයි.එය මුදල් වැය වන ක්‍රියාදාමයකි.එසේම සමහර ස්මාර්ට් සම සදහා බාහිර ජව සැපයුමක් අවශ්‍ය විමත් වැඩිපුර රැහැන් යොදා ගැනීමට සිදුවීමත් හා වෙනත් තාක්ෂනයන් අවශ්‍ය වීමත් නිසාත් එයද ප්‍රභල අභියෝගයකි. පර්යේෂකයන්ගේ අවධානය යොමුවීඇති නවතම කෘත්‍රිම සම තාක්ෂනය වන්නේ ඉතා සියුම් ප්ලාස්ටික් වලින් තැනු මිලි මිටර් 1.9රිසලුෂන් අගයක් ලබා ගන්නා ක්‍රමවේදයයි.එහිදි රිදියෙන් තැනු නැනෝ ප්‍රමාණයේ වයර් සහිතඉලෙක්ට්‍රෝඩ හා ඇනලොග් තාක්ෂණය යොදා ගැනෙයි.මීට අමතරව මෙම පද්ධතිය තුල විද්‍යුත් ආරෝපණ ඇති කරන අංගද ඇතුළත් වෙයි.

මෙම ක්‍රියාවලියේදි ශක්තිය නිපදවීම ඝර්ෂණ විද්‍යුත් ක්‍රියාවලියක් මගින් සිදු කරයි.මෙහිදි විදුලිය සම්ප්‍රේෂණය වන්නේ පනාවක ආකාරයෙන් කොටසින් කොටසටය.එහිදි තමා විසින්ම ස්පර්ෂයෙන් ඇති කරගන්නා වු ඝර්ෂණය මගින් ශක්තිය නිපදවා ගනු ලබයි.බාහිරින් බැටරි සම්බන්ධ කිරිමක් අවශ්‍ය නොවෙයි. මෙම නවතම ස්මාර්ට් සම මගින් ඉදිකටු තුඩක ස්ථානයක් පෙන්විමට හා තමා ඉදිරියෙන් පියාඹන මී මැස්සෙක් පවා හදුනා ගැනිමේ හැකියාව සහිතයි. එසේම පර්යේෂණ කණ්ඩායමට අනුව මෙහි මිලදි ඉතා අධික නොවනු ඇත.
 ෙරාබට් වීඩිෙයා් පටය නරඹන්න

No comments:

Post a Comment

Translate