Monday, November 29, 2021

මේ තියෙන්නෙ උණ බට වතුර බෝතල්.


දරුවට ඉස්කෝලෙ ගෙනියන්න පේමන්ට් එකෙන් ප්ලාස්ටික් බෝතලයක් අරං දෙන එක ලාබයි ලේසියි. හැබැයි ඒ ප්ලාස්ටික් වලින් දරුවගෙ සෞඛ්‍යටත් පරිසරේටත් වක්‍රාකාරව අපි හැමෝගෙම සෞඛ්‍යටත් වෙන වින්නැහිය ගැන සංවේදී මිනිස්සු අපේ රටෙත් ඉන්නව. 

උණ ඕනතරං වවන්න පුලුවන් රටේ හැමෝම පටන් ගමු බම්බු භාණ්ඩ නිෂ්පාදන හදන්න. 

හැමෝම පටන් ගමු මේ වගේ ස්වාභාවික නිෂ්පාදනම මිලදී ගන්න. 

ඇයි අපි ස්වාභාවික සම්පත් වගකීමෙන් පාව්ච්චි නොකර කෘතිම දේට දත නියවන්නේ? හැබැයි

මේක ඉන්දියාවෙ නිෂ්පාදනයක්. ඉන්දියාවෙ ඇසෑම් ප්‍රාන්තයෙ උණ බම්බු නිෂ්පාදන පිළිබඳ හසල දැනුමක් ඇති නිර්මාණ ශිල්පියෙක් තමයි හදන්නේ. ඉන්දීය රුපියල් 400ත් 600ත් අතර මිලක් තමයි නියම වෙලා තියෙන්නෙ. (ලංකාවෙ රුපියල් 1000ත්-1500ත් අතර) ලංකාවෙ ඉන්න උණ බට ආශ්‍රිත නිෂ්පාදන කරන අළුත් විදියට හිතන ව්‍යවසායකයෙක් මේක හැදුවොත් ලොකු වෙළඳපලක් ඇතිවෙයි. වැඩිදුර තොරතුරු සඳහා මෙම අඩවියට පිවිසෙන්න.. https://homegrown.co.in/.../an-assam-based-entrepreneur...

No comments:

Post a Comment

Translate