මෙම කාරණාව බොහෝ දෙනෙකුට ඇති වූ ගැටලුවක්.මේ වීඩියෝවේ දැක්වෙන අන්දමට උණු තෙල් තාච්චියේ හිඳගෙන සිටින භික්ෂුව තමා සතු විශේෂ බලය අන් අය සමඟ බෙදාගන්නා බව පෙනෙනවා. එය සිදු කරන්නේ පිටත සිටින අය ලබා දෙන විවිධ ද්‍රව්‍ය අතින් ස්පර්ශ කිරීම මඟින්ය. ඒ නිසා ඔහුගේ අනුගාමිකයින් සිතන්නේ ලබා දෙනු ලැබූ රෙදි කැබැල්ල හෝ වෙනත් යමක් උණු තෙල් තාච්චියක හිඳ භාවනා කිරීමට තරම් දියුණු පුද්ගලයෙකු වූ එම භික්ෂූන් වහන්සේගේ ආශිර්වාදය සහ බලය එම ද්‍රව්‍යයට ලැබුණු බවයි. ඒ වගේම මෙවැනි බලය ඇතුළත් කරන ලද ද්‍රව්‍ය ගම්වැසියන්ට විකිණීමත් මෙහිදී සිදුවෙනවා. එම විකිණිමෙන් ලැබෙන්නේ ආධාර මුදලක් බවත්, එය මෙම අසීරු කටයුත්ත සංවිධානය කිරීම සඳහා යෙදවූ බවත් ගම්වැසියන් දැනුවත් කෙරෙනු ඇති.දැන් අපි විමසා බලමු මේ ගැන විද්‍යාඥයින් පවසන්නේ මොන වගේ කතාවක්ද කියලා. විද්‍යා උපදේශකයෙකු වන Jessada Denduangboripant නමැති Chulalongkorn විශ්වවිද්‍යාලයේ සිටින විද්‍යාඥයා පවසන පදිරි, මෙම වීඩියෝව නැරඹීමෙන් පමණක් ඇත්තටම තෙල් නටන උෂ්ණත්වයකට පත්වී ඇත්දැයි නිගමනය කළ නොහැකියි. නමුත් පහළින් දැඩි ලෙස ගින්දර යොදා ඇති බව පැහැදිලියි. ඒ නිසා ඔහු පවස්නනේ, “මේ ගැන දැනගන්න තිබෙන එකම ක්‍රමය තමයි අදාළ ස්ථානයේදී හිඳගෙන සිටින ස්ථානයේ තෙල් වල ඇති උෂ්ණත්වය මැන බැලීම.” තවදුරටත් ඔහු මෙසේද පවසනවා. “තෙල් නිශ්චිතවම නටන තෙක් රත් වී ඇති බවක් පෙනෙන්නෙ නැහැ. අනික් කාරණාව එය තාප පරිවාරකයක් ලෙස තාච්චිය එකම ආකාරයකට තිබෙන බව පෙනෙනවා. ලෝකයේ සමහර රටවල් වල බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමන් වෙත ඇති අරුම පුදුම බලය පෙන්වා ජනතාව තමා වෙත ආකර්ශනය කර තබා ගැනීමට වර්ෂය පුරා මෙවැනි සංදර්ශන පවත්වනවා.-මෙහි නිරූපණය වන භික්ෂූන් වහන්සේ ව්‍යාජ මවාපෑමක් සිදු කළ බවට හෝ ඇත්තටම උණු තෙල් භාජනයක හිඳගෙන සිටින්නේ නැති බවට හෝ මෙහිදී කෙලින්ම අදහසක් හෝ තීරණයක් ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ නැහැ. කෙසේ නමුත් ඔහු සැමදෙනා හට චමත්කාරජනක පුදුම සහගත දර්ශනයක් ඉදිරිපත් කරන බවට කිසිදු සැකයක් නැහැ.
(අවවාදයයි :-මෙවැනි ක්‍රියාකාරකම් වල නිරත වන්නන් විශේෂ පුහුණුවක් හෝ විශේෂ උපකරණ භාවිතයෙන් මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරයි.එම නිසා ඔබ නිවසේදී මෙවැනි ක්‍රියාකාරකම් අත්හදා බැලීමෙන් වළකින්න.මෙයින් සිදුවන අනතුරැ පිළිබදව අලුත්Softhome අප වගකිවනු නොලැබේ.)
No comments:
Post a Comment