OPPO (ඕපෝ) කියන්නේ ලංකාව තුල ඒතරම් ප්‍රචලිත නැති ජංගම දුරකථන නිෂ්පාදකයෙක්.
ඒත් OPPO චීනයේ නම් මුල් තැන දිනාගෙන ඉන්න ජංගම දුරකථන මාදිලියක්. වසර 10කට
අධීක කාලයක් විවිධ තාක්ෂණික නිර්මාන ලොවට හඳුන්වා දුන් OPPO දැන් ලංකාවට ඇවිත්.
ඒ එයාලගේ පෙරළිකාර ජංගම දුරකතන නිෂ්පාදනකිහිපයකුත්අරගෙනමයි. OPPO N3
ජංගම දුරකථනය ලෝකයේ බොහෝදෙනෙක් අතරේ වැඩි අවධානයක් දිනාගත්ත ජංගම දුරකථනයක්. කරකවා වෙනස් කල හැකි සුපිරි කැමරාවක් ඇති මේ ජංගම දුරකථනය ගැන
දන්නේ නැත්නම් මේ වීඩියෝව බලලා ඉන්න.
උසස් නිමාවත් “සාපේක්ෂව” අඩු මිලත්
ය. මීට අමතරව වැඩි බැටරි ආයු කාලය, විශාල තිරය සහ ඉක්මනින් ආරෝපණය කළ හැකි වීම
වගේ අමතර වාසිත් OPPO ජංගම දුරකථන හරහා ලබාගන්න පුළුවනි. ඒ වගේම මෑතක් වන
තෙක්ම ලොව සිහින්ම ජංගම දුරකථනය බවට පත්වූයේත් OPPO ජංගම දුරකථනයක් වන
OPPO R5 දුරකථනයයි.
OPPO ගැන නොදන්නවා වුනත් ඔයාලා හැමෝම දන්නවා ඇති OnePlus ගැන. ඉතින්
OnePlus කියන්නේ OPPO සමාගමේ අනුසමාගමක්. ඒ වගේම OPPO ජංගම දුරකතනත්
බොහෝමයක් OnePlus One වගේ හොඳ තත්වයේ ඒවා. හැබැයි OPPO සමාගම
වැඩකරන්නේ OnePlus වගේ නෙවෙයි. චීන සහ ආසියානු කලාපයේ ජංගම දුරකථන
වෙළඳපල තුල තිබෙන iPhone සමඟ තරඟයටයි OPPO සිය කටයුතු මෙහෙයවන්නේ.
PPO R7 කියන්නේ OPPO සමාගමේ අලුත්ම ජංගම දුරකථනය යි.
iPhone 6 ජංගම දුරකථනය සමඟ තරඟයට නිකුත් කළ මේ Android දුරකථනයේත් තරමක් විශාල OPPO R7 Plus නමින් සංස්කරණයක්ද වනවා. මීට අමතරව තවත් සාමාන්‍ය මිලෙන් අඩු ජංගම දුරකථන
කිහිපයකුත් OPPO නිෂ්පාදන අතර වනවා. කෙසේ නමුත් OPPO නියෝජිතයින් පවසන පරිදි
ඔවුන් ලංකාව තුල වැඩි වශයෙන් ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන්නේ OPPO N3, OPPO Joy Plus සහ OPPO Neo 5 කියන ජංගම දුරකථනයි.
ඉතින් OPPO ජංගම දුරකථන ගැන තවත් තොරතුරු සහ OPPO Super VOOC Flash Charge ගැන තොරතුරු අපි මීළග ලිපියෙන් පළකරන්නට බලාපොරොත්තු වනවා.
No comments:
Post a Comment