Monday, February 20, 2017

ආදි පිටසක්වළයන් ඉතිරිකළ ඓතිහාසික සාධක


1938 දී පුරා විද්යාඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.




එම ගුහා තුළින්ම ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962 දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සුම් උම් නුයි (Sum Um Nui) එහි සඳහන් කරුණු පරිවර්ථනය කිරීමට සමත් වූවේය.එහි අඩංගු වූයේ
මීට අවුරුදු 12000 කට පෙර යම් ඡීවී කණ්ඩායමක් ඔවුන්ගේ යානයේ වූ දෝශයක් නිසා මෙම සෞරග්‍රහ මණ්ඩලයේ තෙවන ග්‍රහලෝකයට ගොඩබැස්ස බවය.ඔවුන්ගේ යානය ප්රයතිසංස්කරණය කළ නොහැකි වූ බැවින් අසල කඳු වල ඡීවත් වූ ගෝත්රිඔක කණ්ඩායම් සමග මිත්රි වීමට මෙම ඡීවීන් උත්සාහ කොට තිබේ.නමුත් මෙම ඡීවීන් තුලින් දිස්වූ මානව නොවන ස්වරූපය නිසා මොවුන්ව ගෝත්රිසකයන් විසින් මරා දමා තිබේ.


ආදි පිටසක්වළයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකලේද? 1969 පළව එරික් වොන් ඩැනිකන් නම් ග්‍රන්ථ කතුවරයාගේ “Chariots of gods”නම් කෘතිය තුළ ඊඡිප්තුවේ පිරමීඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ඡ් (Stone henge ) නම් පාෂාණ ,ඇමරිකා එක්සත් ඡනපදාය් මෙසා පර්වතය,ඊස්ටන් දිවයිනේ ගල් ප්ර්තිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වළ ඡීවීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව පැවසේ.

No comments:

Post a Comment

Translate