Saturday, December 3, 2016

නිකරුනේ ඩේටා වැය කරන svchost අප්ඩේට් සහ වින්ඩෝස් අප්ඩේට් නවත්වමු.


අද Aluthsofthome තුළින් ‍බො‍හෝ ‍දෙනාට වැදගත් Tricks එකක් තමයි ලබා‍දෙන්‍‍නේ.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන ඔයාගේ ඩේටා දන්නෙම නැතුව ඉවරවෙනවා නේද.කිසිවක් ඩවුන්ලෝඩ් නොකර, වින්ඩෝස් අප්ඩේට් නවතා තිබුණත් දන්නෙම නැතුව ඩේටා වැය වෙලාද ? එසේ වීමට හේතුව තමයි පරිගණකය ON කරපු ගමන් svchost එක අප්ඩේට් වීම. svchost එක සෑම වෙලාවකම අප්ඩේට් වෙන්නේ නෑ. සමහර දවස් වලට පමණයි අප්ඩේට් වෙන්නේ.DU Meter වගේ ඩේටා මොනිටර් සොෆ්ට්වෙයා එකක් බාවිතා කරනවානම් ඔයාලට මේ නිකරුණේ ඩේටා වැය වීම බලන්න පුලුවන්. ඒ අවස්ථාවේදී ටාස්ක් මැනේජර් open කරලා Performance ටැබ් එකේ යටම තිබෙන Open Resource Monitor ක්ලික් කරලා Network ටැබ් එක මගින් ඩේටා වැය වෙන Program Run වෙනවා බලන්න පුලුවන්.



computer management - Services & Application - Services - Background Intelligent Transfer Service වල Properties ගිහින් Startup type එක Disable ලබාදී Apply කරන්න.

දැන් වින්ඩෝස් අප්ඩේට් Disable කරමු. services යටතේම ඇති වින්ඩෝස් අප්ඩේට් වල Properties පිවිසෙන්න.

මෙහිදී ද කලින් මෙන් Properties ගිහින් Startup type එක Disable ලබාදී
Apply කරන්න.

දැන් පරිගණකය Restart කරන්න.

No comments:

Post a Comment

Translate