Sunday, December 25, 2016
KM Player එකෙන් කට හඩ ඉවත් කරන ආකාරය
ගීතයක කට හඩ ඉවත් කරන්න 100% හැකියාවක් නොමැත.එසේ වන්නේ, මෙය තනි ලේයරයක් ලෙසින් පවතින බැවිනි.ලේයර් දෙකක් යොදා නිර්මාණය කරන ලද Audio හෝ Video පටයක 100% නොමැති වූවත්, යම්තාක් දුරකට කටහඩ ඉවත් කරීමේ හැකියාවක් පවති.කෙසේ වුවත් Video පටයක නම් ශබ්දය හා වීඩියෝව වෙන් කර ගැනීමට අවශ්‍ය නම් Windows මෙහෙයුම් පද්ධතිය මගින් නොමිලයේ ලබා දෙන (FOSS) වැඩසටහනක් වන Windows Movie Maker මෘදුකාංගය මගින් අපට පහසුවෙන් මෙවැනි කාර්යයක් ඉටු කර ගත හැකිය.මුලින් සදහන් කළ පරිදි ඕඩියෝ පටයකින් කට හඩ ඉවත් කිරීමට ලබා දෙන මෘදුකාංග රාශියක් ඇත.ඒ අතර ඉතා වටිනා මෘදුකාංගයක් වන Audacity පහතින් අවශ්‍ය නම් බාගත කර ගන්න.මෙය 100% නොමිලේ ලබා දෙන Free and Open Source මෘදුකාංගයකි.
මෙසේ මෘදුකාංග නොමැතිව යම්තාක් දුරකට කටහඩ ඉවත් කළ හැකි ක්‍රමයක් පිබදව Aluthsofthome අද ලිපිය ලිවීමට මම සිතුවෙමි.අප සියලු දෙනා භාවිතා කරන KM Player එකෙන් කට හඩ ඉවත් කිරීමට ක්‍රමයක් ඇත.මෙය පියවරෙන් පියවර කරන ආකාරය පහත Screen Shot එකෙන් අවබෝධ කර ගත හැක
මුලින්ම Km player settings වලට පිසෙන්න.මීළගට Preperences වල පහත දක්වා ඇති ආකාරයට (1)Audio Processing > (2)Basic Audio Filters වලට ගිය පසු පහත (3) Remove Voice වලට හරි ලකුණ යොදන්න. පහත ආකාරයටම බලා සකසා ගන්න.Level අගය 5,000 සකසා ගන්න.3D Sound Effect හරි ලකුණ අනිවාර්යෙන්ම ඉවත් කරන්න.ගීතයක් යොදා රස විදින්න.
Download Audacity Link: DOWNLOAD
Download KM Player Link: DOWNLOAD
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment