Monday, May 8, 2017

පෙන් එකෙන් පරිගණකයට වයිරස් එන එකට විසදුමක්.

පරිගණකයකට කෙලින්ම වයිරස් එන ප‍්‍රධානම උපාංගයක් ලෙස පෙන්ඩ‍්‍රයිව් එක හදුන්වාදිය හැක. කොහෙද ඉතින් යාලූවෝ Pen drive හැමතැනම ගහලා අන්තිමට තමන්ගේ කොම්පියුටර් එකට ගෙනත් මචන් අලුත් Software,Virus Guard,Games එහෙම නැද්ද මෙන්න මේක පුරවලා දියංකෝ කියනවා. අපිට ඉතින් ඔයාලට තරු පේන්නේ පෙන් එක පුරවන් ගියාම තමයි. ඒ මොකද කොම්පියුටර් එක හොදටම ස්ලෝවෙලා, අපි දන්නෙම නැතුව වයිරස් ගිහින්. හරි එහෙනම් ඔන්න දැන් මේකට ගෙනාවා නියම විසදුමක් මෙන්න
මේ USB Disk Security එක දාගන්න. මෙන්න ස්ක‍්‍රීන්ශොට් එකක්.


මෙම මෘදුකාංගය ස්ථාපනය කරගත් පසුව පරිගණකයට සම්බන්ධ කරන Pen drive වල තිබෙන වෛරස් සැනෙකින් පරීක්ෂාකර බලනවා. ඉන්පසු අපට අවශ‍‍ය නම් එය මකා දමන්න හැකියාව තිබෙනවා. මෙතනින් මෘදුකාංගය බාගන්න.

මෙම මෘදුකාංගය Update කරන්න ඕනෙත් නෑ. ඇත්තටම මෙම මෘදුකාංගය නිතර පෙන් සම්බන්ධ කරන පරිගණක වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. CD එකක් දැම්මත් Auto Run වයිරස් අල්ලනවා. කරන්න තියෙන්නේ පෙන් එකක් ගහපු ගමන් මේ සොෆ්ට්වෙයා එකෙන් scan පාරක් දාන්න, සියළුම Auto Run වයිරස් ටික අල්ලනවා එතකොට ඒකෙන්ම Delete කරන්න තියෙන්නේ.

Technical Details

Software Name : USB Disk Security
File size : 4 Mb
Requirements : Windows All
 License : Free
 Publisher website : www.zbshareware.be

No comments:

Post a Comment

Translate